IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනයට මෙවරත් සෙලාන් අනුග්‍රහය

සෙලාන් බැංකුව, අඛණ්ඩව 9වැනි වරටත් ‘කැදැල්ල Construcation Expo' ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක සහ නිල බැංකුකරු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් හා නිවාස අලංකරණ ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රදර්ශනය ලෙස සැලකෙන කැදැල්ල Construcation Expo මෙවර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.

ගෘහ භාණ්ඩ හා ගෘහෝපකරණ, ගෘහ අලංකරණය, දේපළ වෙළඳාම්, භූමි අලංකරණය, උළු, ග්‍රැනයිට්, නානකාමර උපාංග, මුළුතැන්ගෙයි උපකරණ, විදුලි භාණ්ඩ, තීන්ත, බිත්ති සැලසුම්, සිවිලිම් සැරසිලි, ආලෝකකරණය, තිර රෙදි සහ බැංකු හා රක්ෂණ රක්ෂණ සේවා වැනි ක්ෂේත්‍රවලට අයත් සමාගම් හා ආයතනවල කුටි 200කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයේදී දැකබලා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබී තිබුණි.

සීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම් ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මූල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (1)

‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනයට මෙවරත් සෙලාන් අනුග්‍රහය

shamal Wednesday, 20 April 2022 03:19 PM

සෙලාන් බැංකුවට ඕනෑම මූල්‍ය ව්‍යාපාරයක් හඳුන්වා දෙන පුද්ගලයෙකුට “හඳුන්වා දීමේ කොමිස් මුදලක්” අතීතයේ දී ලබා දී ඇති අතර අනාගතයේදීද ලබාදෙනු ලැබේ. සෙලාන් බැංකුවට ලීසිං පාරිභෝගිකයෙක් හඳුන්වා දෙන ඕනෑම පුද්ගලයෙකුට, පාරිභෝගිකයාගේ ලීසිං පහසුකමේ වටිනාකමෙන් 0.5% - 2% අතර “හඳුන්වාදීමේ කොමිස් මුදලක්” ලබාදෙනු ලැබේ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site