
(කේ ඩී දේවප්‍රිය)
ආචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් නිර්මාණය කළ කතරගම දෙවියන්ගේ සහ වල්ලි දෙවගනගේ කතා පුවත ඇතුළත් ‘‘කදිරදිව්‍ය රාජ‘‘ චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර කතරගම දෙවියන්ගේ ආශිීර්වාදය ලබා ගැනීමට එය නිර්මාණයට දායක වු සියලු දෙනා කතරගම දේවාලය වෙත පැමිණියහ.
කතරගම කිරිවෙහෙර විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි බැහැ දැක ආශිර්වාදය ලබා ගැනීමෙන් පසුව කිරිවෙහෙර වන්දනා කර ගත්හ.
ආචාර්‍ය සුනිල් ආරියරත්න, ප්‍රවිීණ සංගීතවේදි ආචාර්ය රෝහණ වීරසිංහ ප්‍රමුඛ චිත්‍රපටයේ රඟ පෑ ඉන්දීය නළු නිලියන් වන සෝනක්ෂි සිං රාවත් සමර්වෙ රානි ශ්‍රී ලාංකේය නළු නිලියන් ද ඇතුළු චිත්‍රපටය සදහා දායකත්වය දරු සැම දෙනා මෙම ආගමික වැඩ සටහන ට එකවූහ
කිරිවෙහෙර වන්දනා කර පසුව කතරගම දේවාලය වෙත පැමිණි පිරිස කතරගම දෙවියන් හමුවේ පලතුරු පුජාවක් තබා ආශිීර්වාදය ලබා ගත්හ.
ප්‍රවිීන සංගිීතවේදි රෝහණ වීරසිංහ, නිලි නිල්මිණි තෙන්නකෝන්, රෝෂන් පිලපිටිය, මෙම අවස්ථාව එක්වූහ.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ද විසින් සමරැ තිළිණයක් ද ලබා දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනප්‍රවාදයේ එන කතාවස්තූන් ඇසුරින් චිත්‍රපටි හදන එක මිථ්‍යාදෘෂ්ඨිය පැතිරවීම නේද මහාචාර්යතුමෝ..?
මිථ්‍යා විශ්වාස වපුරන්නට පනපොවන බුද්ධිමත් වහලු. මහාචාර්යගෙ ඇචිල් විලුබ (Achille heel)