
(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් කදිරා නැමැති හස්තියාා විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එම හස්තියාගේ සහායක හස්ති පාලකවරයා බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය කියයි.
ඊයේ (22) රාත්‍රියේ මෙම පහරදීම සිදුවී ඇතිි අතර එම හස්තියාගේ ප්‍රධාන හස්ති පාලකවරයා නොමැති අවස්ථාවක සහායක හස්ති පාලකවරයා හස්තියාට ආහාර ලබාදීමට යාමේදී මෙම පහරදීම සිදුව තිබේ.
අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් බරපතල තත්ත්වයෙන් සිටින එම 22 හැවිරිදි සහායක හස්ති පාලකවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට මාරුකර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම හස්තියා සුප්‍රසිද්ධ ආයුර්වේද වෙද හිමිනමක් වශයෙන් සිටි අලුත්නුවර අනෝමදස්සි කෙරමිණියේ නායක හිමියන් විසින් 1986 වසරේ දී ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද හස්තියකි.
මාවනැල්ල කෙරමිණිය විහාරස්ථානයේ බැඳ සිටියදී මෙම පහරදීම සිදුවී ඇති බව මාවනැල්ල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින් කියන්නේ වනාන්තරවල කණ්ඩායම් වශයෙන් ජීවත්වන, ජලය සහ අහාර සොයා දවසකට කිලෝමීටර් 20 කටත් වඩා ඇවිද යන සතුන් වර්ගයක්. එවන් සතෙකු හුදකලාව යකඩ දම්වැල් වලින් ගැටගසා ගස්බැඳ තැබීම තරම් පව්කාර වැඩක් තවත් නැහැ. ඉතින් ඒ සතුන්ගේ, විශේෂයෙන් මඳ කිපෙන කාලයට, ඉවසීම, හීනවීම පුදුමයට කරුණක් නොවේ. අලියෙකු ලබාදෙනවා නම් එම සතාට නිදහසේ ඇවිද යන්නට පුළුවන් වන ප්‍රමාණයේ ඉඩමක් සැපයිය හැකි කෙනෙකුට හැර පොල්ගස්වල දම්වැල්දමා බැඳ හිරකර තබා ගන්නා කිසිවෙකුටත් ලබාදියයුතු නොවේ. සංස්කෘතියේ නාමයෙන් මේ කරන සත්ව හිංසනය අවසන් කලයුතුයි.