IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


කාදිනල් තුමන්ගෙන් වෙසක් පණිවිඩයක්

(යොහාන් භාසුර)

අවිද්‍යාවෙන් අඳුරු වූ මිනිස් සිත ආත්මාර්ථයේ මලපත්වලින් මුදවා ලෝකයේ යථා ස්වභාවයට අවදිකිරීම සඳහා ප්‍රකට කරන සාරගර්භ බුද්ධි සංවාදය බුදුරජාණන් වහන්සේ දේශනා කළ උත්තරීතර ධර්මය තුළ කැපී පෙණෙන කරුණුක් බවත් විද්‍යාවෙන් සහ තාක්‍ෂණයෙන් කෙතරම් දියුණු තත්වයක සමාජය සිටියත් මිනිසා මනසින් උසස් ජීවිත ගතකිරීමට අපොහොසත් වන කාලවකවානුව අවබෝධයත්, ආලෝකයත්, යථාර්ථයට අවදිවීමක් වෙන කවදාටත් වඩා වර්තමානයට අවශ්‍ය බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ වෙසක් දින පණිවුඩයෙන් පවසති.

අතලොස්සක් දෙනෙක්ගේ බලකාමී ක්‍රියා නිසා පිරිහෙන දූපතක් බවට අප රට පත්වෙමින් තිබුණත් චිත්ත ශක්තිය සහ සමාජ පරිඥානය අතින් බැලූ කළ අප ජනතාව ඉදිරියෙන් සිටින බවත් වසර දෙදහස් පන්සියයකට වඩා වැඩි කාලයක් තිස්සේ අපේ ජන විඥානයත් සමාජ සංස්කෘතියත් හැඩගැස්වූ බෞද්ධ ශිෂ්ටාචාරය සහ ශික්‍ෂණයට එයට හේතුව බවත් අගරදගුරුතුමෝ කියති.

රටක වටිනාතම වත්කම වන ජනතාවගේ උගත්කම ආධ්‍යාත්මිකත්වය සහ යහ පැවැත්මෙන් පොහොණි කිරීමට බෞද්ධ චින්තනයෙන් ලැබී ඇති දායකත්වය අපමණ බව කියන මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එබැවින් මෙවන් අවස්ථාවක මෙම උතුම් ධර්මය ප්‍රකට කරන දහම් ගුණ තව දුරටත් වර්ධනය කරගනිමින් අපට රට තුළ ජාතීන් හා විවිධ ආගමිකයන් අතර සහෝදරත්වයත් එකිනෙකා පිළිගැනීමේ ප්‍රවණතාවයත් ප්‍රගුණ කිරීම අප සැමගේ යුතුකම බව ද සඳහන් කරති.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන්පෑම යන තෙමඟුල සිහිකරන වෙසක් මංගලෝත්සවයේදී අති ගෞරවනීය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේට ද, ශ්‍රී ලංකාවාසී ආදරණීය බොදුනු සහෝදර සහෝදරියන් සියලුදෙනාට ද ශිල ශ්‍රද්ධාවෙන් සහ බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිරි වෙසක් මංගල්‍යයක් වේවායි කොළඹ අගරදගුරුතුමෝ ප්‍රාර්ථානා කරති.



අදහස් (3)

කාදිනල් තුමන්ගෙන් වෙසක් පණිවිඩයක්

swene Thursday, 04 May 2023 03:48 PM

ජාති, කුල ආගම් භේද තුරන් කොට අදුෂිත, සාධාරණය රජ කරන ආර්ථිකය නැගිට්ටුවන සමාජයක් වෙනුවෙන් කැපවෙමු.

:       0       15

Chamara1 Thursday, 04 May 2023 04:02 PM

බයිලා ගගහා රටේ හැමතැනම බලෙන් පල්ලි හැදුවේ ඉන්ග්රිසි . මෙයා සිංග්‍රීසි විදිහට ඉන්ග්රිසි වැඩේ කරනවා . ඉසෙල්ලා දළදා මාළිගාවේ ඉඩමේ බලෙන් හදපු පල්ලිය ගලවන්න

:       27       7

ashok Friday, 05 May 2023 09:03 AM

කාදිනල්තුමා විමල්ග‍ේ ප‍ොත‍ේ සදහන් ආගමික නායකයා ඹබතුමා න‍ොව‍ේනම් ඒ බව ප්‍රකාෂ කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 228 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 751 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site