(ගයාන් සූරියආරච්චි)

කදාන ප්‍රදේශයේදී කප්පම් ඉල්ලා මස්කඩ හිමියෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ගිනි අවිය කදාන පමුණුගම ප්‍රදේශයේ නිවෙසක බෆලයක් තුළ සගවා තිබිය දී අද (5) සොයාගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනකු සහ සැකකරුවන් 6 දෙනකු ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 45 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි සැඟව සිටින රසික නොහොත් චූටි මල්ලී ගේ මෙහෙයවීම යටතේ මෙම අපරාධය සිදු කර ඇතැයි පැවැසේ.