
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කරත්තේ බැඳපු අම්බරුවා සේ ජහ් කියන විට යන හිටු කියන විට නවතින කතානායකවරයාගේ මුළු භූමිකාවම දිරාපත් වී ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විශ්වාස භංගයේ වගන්ති කෑලි අස්සේ නොව කතානායකවරයාගේ චර්යාවෙන්ම ඔහු පුටුවට උචිත නොවන බව පෙනෙන්නට තිබෙන්නේ යැයිද දිසානායක මහතා කීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසබංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර දිසානායක මහතා මෙසේද කීය.
අප රටේ වගකීම් විරහිතව හැසිරෙන්නේ කතානායක විතරද? ජනාධිපතිවරයා පවා අනීතිකව හැසිරෙමින් මැතිවරණ කල් තබමින් සිටිනවා. ඒ නිසා මේ සමස්තයට එරෙහි දේශපාලනයක් අද අවශ්‍ය වී තිබෙනවා.මේ විශ්වාසභංග ඡන්දයෙන් නැතත් ලබන මහමැතිවරණයේ දී නම් කතානායකවරයාට අනිවාර්යයෙන් ගෙදර යන්නට වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජහ් කියන කොට යන සහ හිටු කියන කොට නවතින උපහැරණය වඩාත් හොදින් ගැලපෙන්නේ ඔබ දෙසා බාන ඕනෑම කෙප්පයක් කිසිම සංශෝධනයකින් තොරව එලෙසම ගිලින ඔබගේ පාක්ෂික රෑනටයි. ඒ අතින් ඔබ දක්ෂයෙක්. එහෙම පිරිසක් හදා ගැනිල්ලත් ලේසි වැඩක් නොවෙයිනෙ.
දිරලා විතරක් නොවේ... කුරුවල් වෙලා...!
මෙන්න කතා.වටේ යන්නෙ නැතුව කියන්න තියෙන දේ කෙළින්ම කිවුවා.සමහරැන්‌ෙ මේවා මැජික්.
මේ මැක්ස් ගෙ නමින් ඉන්නෙ නාමල් බේබි. මුන්ට කතා කරන්න ඔය වචන හොද වැඩි. පිනට කන ගොන්නු. ඔය පුටුව පාසල් ලමෙක්ට දුන්නානම් ලස්සනට කරයි. මේ රට පාලනය කරන්නෙ. හම ඇකිලුනු. මැරෙන්න ලග නාකී රෑනක් ඒකයි රට පන අඩින්නෙ