(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදයට ක්ෂණික විසදුම් දිය හැකි අයකුට අගමැති ධූරය බාරදීමට රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වුවත් ඒ කිසිවකු ඊට ප්‍රතිචාර නොදක්වන්නේ මෙි අර්බුදයට ක්ෂණික විසදුම් නොමැති නිසා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (06) ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව බාර ගන්නා විටත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් මෙන්ම පැය 10 ක් 12 ක් විදුලි කප්පාදුවක් තිබුණු බව බොහෝ දෙනකුට අමතක වී ඇති බව කී නියෝජ්‍ය නායකයා එහෙත් බොහෝ දෙනකු අද කතා කරන්නේ අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු සියළු අර්බුදය මතුවූවා සේ යැයි ද පැවසීය.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී තරුණ සංගම් කිහිපයක් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්ෂණික විසඳුම් නැත්නම්, ඇයි මහ ලොකුවට ගත්තේ? එදා අගමැතිකම බාර ගනිද්දී මෙහෙම නොවේ කිව්වේ. තුන්වෙල කන්න දෙනවා. පෝලීම් යුගය නැති කරනවා. ඩොලර් මිලියන 500 අතේ තියා ගෙනයි මේ වැඩේ බාරගත්තේත්... තමාට අර රට මේ රට එහෙම උදව් කරනවා. මෙහෙම උදව් කරනවා කියලා.... අමාරු කාලය සති තුනක් පමණයි කිව්වේ. දැන් සති තුනක් නොවේ මාස දෙකක් ගතවෙලා. කරපු දෙයක් නැහැ. මම එදාම කිව්වා රනිල්ට ජාත්‍යන්තර සහයෝගය නැහැ කියලා. එහෙම රනිල්ට ජාත්‍යන්තර සහයෝගය තිබෙනවා නම්, මත්තල ගුවන්තොටුපොළ වී ගබඩා කරනවයි? මංගල එදා හරියට කිව්වා රනිල්ට බැහැ කියලා...
ඇයි ජෙප්පට පුළුවන් මාස 6 න කොරන්න. කොරන විදිහ ටෙල්වින් කාරයා 3-07-22 ඉරිදා ලංකාදීප පත්තරේ කියලා තිබුනා. ව්දෙෂීය විනීමය රටට ගෙන්වන හැටි පම්පෝරි ගහපු ගොයියා කියනවා " අපි ආණ්ඩුව බාරගත්තොත් විදෙස්ගත ශ්‍රමිකයින් රටට මුදල් එවයි කියලා බලාපොරොත්තුවෙනවා" කියලා. විදෙස්ගත ශ්‍රමිකයින් රටට මුදල් එව්වේ නැතිනම් මොවුන්ගේ මාස 6යේ කෙරුවාව හබක් නේද බොල.