
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
“නිදහස් අධ්‍යාපනය වනසන අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල අධ්‍යාපන පනත වහා හකුලා ගනිව්" යන ඉල්ලීම මුල්කරගනිමින් විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් කිරිබත්ගොඩ නගරයේ දී අද (15) පැවැත්විණ.
නිරෝධායනය මුවාවෙන් ගෙනයන වෘත්තීය සමිති සාමාජිකයන් මර්දනය කිරීම, සහ දැනට නිරෝධාන මධ්‍යස්ථානවල රඳවා සිටින ලංකා ගුරු සේවා සංගමයේ ජෝසෆ් ස්ටාලින් ඇතුළු සාමාජිකයන් වහා නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් හේතුකොටගෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්විණි.
ගුරුවරු ගුරුවරියන් මෙන්ම විදුහල්පතිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන මේ මහපාරේ දඟලන මිනිස්සු මේ කොතලාවට විශ්ව විද්‍යාල පනත කියවලා වත් තියෙනවද? ඔතන ඉන්න අයට කියන්න පුලුවන්ද මේ පනතේ තිබෙන අවුල් සහගත තත්වය මොකක්ද කියලා? නිකම්ම හුදු පුහු සටන් පාඨ කියමින් බංකොලොත් දේශපාලන පක්ෂ අඥාණයින්ව මහපාරට දක්කන සැටියක් තමයි මට නම් පෙනෙන්නේ? මේ පසුපස මාෆියා කල්ලි කීපයකුත් සිටිනවා. පුළුවන් නම් කවුරු හෝ පනතේ ඇති අවුල් සහගත වගන්ති පෙන්වමින් බුද්ධිමත් සංවාදයකට එන්න...
ජවිපෙ හරක්, එදත් අධ්‍යාපනය කෑවා අදත් කනවා. මහ උන්ගේ දරුවන් කොහොමත් ඉගෙන ගන්නේ පිටරට හෝ පුද්ගලික තැන්වල.. එක නෝනා කෙනෙක් කියනවා බඳින්න දෙන්නේ නෑ කියලා... දැනටත් හෙද පුහුණු, ගුරු පුහුණු සිසුන්ට පුහුණුව අවසන් වන තෙක් බඳින්න බැහැ. ඒ වසර 04ක කාලයක් තුළ ගර්භනී තත්වයට පත්වුවහොත් පුහුණුවට වන අපහසුතා නිසා... බංකොලොත් ජවිපයට වෙන විනාශ කරන්න තැන් නෑ..
ඒ කතාව නම් ඇත්ත. ඔය පනතේ තියන වැරදි තැන් අපි වගේ නොදන්නා අයට දැනගන්න පැහැදිලිව කියන්න. ඒ වගේම ලංකාවේ, රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුල්වෙන්න නොලැබෙන දරුවන්ට සල්ලි මදිකම නිසා පිටරට විශ්ව විද්‍යාලවලට යන්න බැරිනම් තියෙන සල්ලිවලින් ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න මේ වර්ජකයන් දෙන විසඳුම මොකක්ද?
සල්ලි තිබෙන අය දසදහස් ගන්න දීලා පෞද්ගලික පාසල්වලට යවනවා. මේ ළමයි උසස් පෙළ සමර්ථ වුණාම රජයේ වෛද්‍ය විද්‍යාලයට ගන්නේ නැතිනම් රජයේ විශ්වවිද්‍යාල වලට ගන්නේ නැතිනම් මේ ළමයින්ගේ අනාගතය මොකක්ද? පෞද්ගලික පාසල්වල නඩත්තුවට රටේ ජනතාවගේ බදුමුදල් වැය වෙන්නේ නැත. නමුත් රජයේ පාසල්වල නඩත්තුවට පෞද්ගලික පාසල්වලට යන ළමයින්ගේ දෙමව්පියන්ගේ බදුමුදල් වැයවෙනවා. පෞද්ගලික පාසල්වලට යන ළමයින්ගේ උසස් අධ්‍යාපනයට පුද්ගලික වෛද්‍ය විද්‍යාල විශ්ව විද්‍යාල විවෘත කරන්න.. එයට ජනතාවගේ විරුද්ධත්වයක් නැත. රජයේ පාසල්වල නොමිලයේ ඉගෙන ගත්තාට ඒ ළමයි බුද්ධාගම ඉගෙන ගන්නත් ටියුෂන් පන්තිවලට දහස ගණනින් ගෙවනවා. පෞද්ගලික පාසල්වලට යන ළමයි ටියුෂන් සඳහා වැයකරන බවක් දැනගන්නට නැත...