
(යොහාන් භාසුර)
තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ පිහිටි ඓතිහාසික ස්වර්ණපිණ්ඩ චෛත්‍යරාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කිරීමේ පූණ්‍යනෝත්සවය ඊයේ (18) පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන්, මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් හා නාවික හමුදා පූර්ණ ශ්‍රමදායකත්වයෙන්, මෙම ස්වර්ණපිණ්ඩ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වර්ෂයේ අගෝස්තු මස 5 වන දින ආරම්භ කළ අතර එම ප්‍රතිසංස්කරණ කටයුතු උසස් අන්දමින් නිමකර එම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කර බොදු බැතිමතුන්ගේ වන්දනාමානය පිණිස සසුනට පූජා කළේය.
නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන් සිදුකෙරුණු මෙම පුණ්‍යමහෝත්සවය නිමිත්තෙන් තෙදිනක් පුරා බෝධිපූජා සහ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවන් සිදුකෙරිණි.
කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති, වලස්මුල්ලේ ගුණරතන හිමියන්ගේ අධීක්‍ෂණයෙන් මෙම පූණ්‍යනෝත්සවය සංවිධානය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු සාධු. හරිම සුන්දර දසුනක්.