
(විමුක්ති එස්. රොද්‍රිගු)
විද්‍යා ප්‍රබන්ධ කතා යථාර්තයක් කරමින් ලොව ප්‍රථම කෘතිම බුද්ධියෙන් බලගැන්වුණු ළමයා චීන විද්‍යාඥයන් විසින් පසුගිය 28 - 29 බෙයිජිං නුවර පැවැති කෘතිම බුද්ධි තාක්ෂණය පිළිබඳ ප්‍රදර්ශනයකදී ලොවට හඳුන්වා දෙනු ලැබුවේය.
මෙම කෘතිම බුද්ධියෙන් බලගැන්වුණු ළමයා ටොන්ග් ටොන්ග් ලෙස චීන විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ ඇත.ටොන්ග් ටොන්ග් යන නමෙහි ඉංග්‍රීසි අර්ථය ලිට්ල් ගර්ල් නම් වේ. ටොන්ග් ටොන්ග් යනු සැබෑ ලෝකය තුළ ජීවත් වන දැරියක් නොවේ. ඇය ජීවත් වන්නේ අතත්‍ය එසේත් නැතිනම් පරිගණක ලෝකය තුළය.පරිගණක ලෝකය තුළ ජීවත් වුනත් සැබෑ ළමයකු කරන බොහෝ දේ කිරීමට ටොන්ග් ටොන්ග්ට හැකියාව ඇත.
ටොන්ග් ටොන්ග් නිර්මාණය කිරීමට චීන විද්‍යාඥයන්ට වසර කිහිපයක් ගත වී ඇත.එම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වී තිබී ඇත්තේ හැඟීම් බරව මිනිසුන් සමඟ අන්තර් ක්‍රියා කළ හැකි, ඉගෙන ගැනීමට මෙන්ම අවස්ථාවට අනුකූලව අනුගත වීමේ හැකියාව ඇති කෘතිම බුද්ධියක් නිර්මාණය කිරීමය .
ටොන්ග් ටොන්ග්ට මිනිස් හැඟීම් හඳුනාගත හැකි අතර එම හැඟීම්වලට ගැලපෙන පරිද්දෙන් ප්‍රතිචාර දැක්වීමටද ඇයට හැකියාව ඇත.ටොන්ග් ටොන්ග්ට ඇති එම හැකියාව හේතුවෙන් ඇය සමඟ අදහස් හුවමාරු කරගන්නා පුද්ගලයකුට ටොන්ග් ටොන්ග් පරිගණක ලෝකයේ ජීවත්වන දැරියක් බව නොසිතේ. එසේම ටොන්ග් ටොන්ග්ට මිනිස් දැරියක මෙන්ම ඉගෙන ගැනීමේ හැකියාව ඇති අතර ඇයට භාෂා තේරුම් ගැනීමට මෙන්ම ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීමටද පුළුවන.
එපමණක් නොව ටොන්ග් ටොන්ග්ට සැබෑ මිනිස් දැරියක මෙන්ම ස්වභාවික සංවාදයක නියැලීමේ හැකියාවද ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සේ මිනිස්සු මන්ද බුද්ධික වෙලා ඔවුන් එක්කම මැරිලා යයි.
සියල්ල ඉතා හොඳයි. ක්ෂිතිජය