(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් ගමන් ගත් කාන්තාවක් පෙරියගම මාර්ගයේ ගල් වල අසලදී අද ( 24)දහවල් කාලයේවැගන් ආර් වර්ගයේ වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් ඇති බව කතරගම පොලිසිය පවසයි.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ පෙරියගම ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකි.
කාන්තාව ගමන් ගත් යතුරු පැදිය එම ස්ථානයේ වැටී තිබියදී පොලිසියට හමුවී ඇත.
මෙම කාන්තාව ඇයගේ පුතා රැගෙන ඒමට පාසල කරා යමින් සිටියදී වැගන් ආර් වර්ගයේ වෑන් රථයකින් පැමිණි නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පැහැරගෙන ගිය කාන්තාව ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
කාන්තාව පැහැරගෙන යෑමට හේතු හෝ ඇය පැහැරගෙන ගිය කණ්ඩායමගැන තවම තොරතුරු අනාවරණය වී නොමැති බවද බවද පොලීසිය සඳහන් කරයි.
හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේතිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී අධිකාරී ගයාන් ප්‍රසන්න මහතාගේඋපදෙස් මත කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බැසිල් කුමාර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීමත් සල්ලාලයින්ව ආරාධනා කරන විදිහේ ඇඳුමක් අන්දගෙන ගියාවත්ද? එහෙම කියන්න හේතුව සමහර ගැහැණු නොහොබිනා විදිහේ ඇඳුම් ඇඳගෙන ස්කූටිවල යන නිසා..