
(එම්. කේ.නන්දසේන)
බුත්තල කතරගම මාර්ගයේ කෝන්කැටිය ග්‍රාම නිලධාරි වසමේ වල් අලියෙකු පහර දීමකින් කාන්තාවක් මිය යෑමට විරෝධය දැක්වීමක් ලෙස ප්‍රදේශවාසීන් විශාල පිරිසක් කෝන් කැටිය සීමාවේ කතරගම-බුත්තල මාර්ගය වසා අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
දිනපතාම මිනිස් ජීවිත වලට සහ දේපළවලට වන අලින් කෙතරම් හානි සිදු කලද වනජීවී නිලධාරීන් ඇතුළු වගකිවයුතු අංශ ස්ථිර විසඳුමක් ලබා නොදෙන බැවින් මෙලෙස මාර්ගය වසා උද්ඝෝෂණය සිදු කරන බව ප්‍රදේශවාසීන් පැවසූහ.
දුර බැහැර ප්‍රදේශයන්හි සිට කතරගම වන්දනාවේ පැමිණෙමින් සිටී වාහන විශාල සංඛ්‍යාවක් සහ කතරගම සිට බුත්තල මොණරාගල දෙසට යන තවත් වාහන විශාල සංඛ්‍යාවක් මාර්ගයේ දෙකොනෙහි පෝලිම් ගැසී සිටින අයුරුද දක්නට ලැබිණ.
එම ස්ථානයට ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ උද්ඝෝෂණයේ යෙදී සිටි ජනතාව සමග සාකච්ඡා කොට දැඩි පරිශ්‍රමයක් දරා මෙම උද්ඝෝෂණය අවසන් කළහ.

2025 දෙසැම්බර් මස 18
433
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම -බුත්තල මාර්ගය අවහිරකර උද්ඝොෂණයක්