IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කතරගම පෙරහරේ අලියා කුලප්පු වී 13 ක් රෝහලේ

( පද්මසිරි ගාර්දියවසම්)   

රුහුණු කතරගම මහ දේවාලයේ  ඇසළ පෙරහැර ආරම්භ වී සුලු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී  පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි කතරගම පොලිසිය පැවසීය . 

 පෙරහර අරම්භ වීමෙන් පසු ඊයේ (6) රාත්‍රි 9 ට  මෙය සිදු ඇති අතර පෙරහර නරඹමින් සිටි පිරිස කලබල වී ඒ මේ අත දුවයාමෙන් මෙලෙස තුවාල ලබා තිබේ.

 තුවාලකරුවන් කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් අතර අසාධ්‍ය තත්ත්වයේ රෝගින් නොමැති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .



අදහස් (19)

කතරගම පෙරහරේ අලියා කුලප්පු වී 13 ක් රෝහලේ

පිටිගල මිලානෝ Sunday, 07 July 2024 09:19 AM

දෙයියොත් අර දුක් විදින අලියාගේ පැත්ත අරන් වගේ. උඹට කරදර කරන එවුන්ට ඇදලා ඇරපං කියලා අහක බලාගන්න ඇති.

:       10       35

Lalla Sunday, 07 July 2024 09:55 AM

ඕක බලන්න යන්න එපා කියල දෙන සංඥාව. මිත්‍යාව පසුපස යාම නවතමු.... සංස්කෘතික සංදර්ශනයක් ලෙස පවත්වාගෙන යාම පමණක්ම ගැන හිතන්න.

:       34       41

නන්දන පනා-මිලානෝ Sunday, 07 July 2024 10:26 AM

පෙරහැර ආතල් , හොදයි හවසට නාලා කියලා පොඩ්ඩක් සප්පායම් වෙලා බලන්න යන්න. ගොඩක් අය එන්නෙත් මේ ආකාරයෙන්ම තමයි. ඒත් මේ සතෙක්ට වද දීගෙන ආතල් ගන්න එක නම් අමානුෂිකයි. අපිට බැරිද ඒ අයි තාක්ෂණය උපයෝගී කරගෙන මීට වඩා හොද අලියෙක්ව නිර්මානය කරගෙන මේ කෙරුවාව ලෝකෙට පෙන්නන්න….. උගත් තරුන සාදු කෙනෙක් ඉදිරිපත් වෙන්නකො.

:       41       30

Ranjan Sunday, 07 July 2024 11:42 AM

කැලෙ ඉන්න සත්තුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්න දෙන්නැතුව සංස්කෘතිය ගගා දන්වැල් දාලා... ලයිට් එල්ලලා ගොන් ආතල් දෙන අයට හොඳ වැඩේ...

:       5       34

thushara Sunday, 07 July 2024 11:42 AM

අපේ ශ්‍රී ලාංකික සංස්කෘතියට අපහාස කරන්නෙපා...

:       17       15

රංබොඩ Sunday, 07 July 2024 11:49 AM

රටේ සංස්කෘතික අංග පවත්වාගෙන යෑම ඉතා වැදගත්. සියල්ල විද්‍යාත්මකව පැහැදිලි කරන්න ගියාම අපට ඉතිරි වන්නේ සමීකරණ විතරයි. සංස්කෘතිය, කලාව, ඉතිහාසය සමඟයි ඉදිරියට යා යුත්තේ... නැත්නම් අක්මුල් නැති ජාතියක් වෙනවා. මෙවැනි සිදුවීම් සාමාන්‍යයෙන් සිදුවෙනවා. ඕනෑම රටක එහෙමයි. අණතුරු උපරිමයෙන් වළක්වා ගෙනයි සියල්ල කරගෙන යා යුත්තේ...

:       14       18

නන්දන පනා- මිලානෝ Sunday, 07 July 2024 12:23 PM

රංබොඩයෝ…. එසේ නම් අලියටද කාරුණිකව සැලකිය යුතුයි. මද කිපුන අලියගේ අංගජාතය පාරේ අතුල්ලා අතුල්ලා වද දිදී ගෙන යන්න පෙර ඇතින්නක් ගෙනත් දී උගෙ ගින්න ඉස්සෙල්ලා නිවිය යුතුයි. අකාරුණික අලි අයිතිකාරයෝ නොකරනම දේද මේකයි.

:       4       26

M. SAMAN PERERA Sunday, 07 July 2024 12:33 PM

දෙවි දොස්

:       6       6

Ariyathilaka Sunday, 07 July 2024 12:44 PM

එක්තරා මිනිසෙක් විෂ්ණු බැතිමතෙක් විය. විෂ්ණුගේ මූර්තියක් තම නිවසට නිවසට ගෙනැවිත් උස ස්ථානයක තබා අදහන්නට විය. මෙහෙම කාලයක් යනවිට පූජාවට තැබූ කෑ හැකි දෑ කෑමට මීයෙක් පැමිණෙන්නට විය. එක් දවසක් මීයා විසින් විෂ්ණුගේ මූර්තිය පෙරලන ලදින් බිම වැටී විෂ්ණුගේ මූර්තියේ සිරස කොටස බි‍ඳිණි. ගෙහිමියා කල්පනා කරනුයේ “භගාවාන් විෂ්ණුට වඩා මීයා බලවත්” යැයි සිතා එදවස පටන් මීයා අදහන්නට විය. පොල් කෑලි පුළුස්සා මීයාට පුද පිණිස තබයි. මේ විපර්යාසය ගැන ගෙදර සිටින බළලාට ඉහිළුම් නැත. අඩුම තරමේ පුච්චපු පොල් කෑල්ලක්වත් බළලාට නොදේ. කල්යල් බලා, බළලා විසින් මීයා දඩයම් කොට මරා ගෙන කන ලදී. ගෙහිමියා සිතනුයේ ” භගවාන් විෂ්ණුට වඩා මීයා බලවත්; මීයාට වඩා බළලා බලවත්” යැ යි සිතා එදා පටන් කුම්බලා ඔළු පුච්චා පූසාට දෙයි. මෙහෙම කාලයක් ගත වෙන විට ගෙදර සිටින බල්ලාට මෙය රුස්සන්නේ නැත. කුම්බලා ඔළු, කරවල මාළු වෙනදා මෙන් බල්ලාට ලැබෙන්නේ නැත. සියලු දේ බළලාටයි. මෙය නො රිස්සු බල්ලා එක් දිනක බළලාගේ බෙල්ලෙන් අල්ලා පොළොවේ ගසා දිවි තොර කෙළේය.

:       1       13

Ariyathilaka Sunday, 07 July 2024 01:02 PM

ගෙහෙමියා සිතනුයේ ” භගාවාන් විෂ්ණුට වඩා මීයා බලවත්; මීයට වඩා බළලා බලවත්; බළලාට වඩා බල්ලා බලවත්” යැ යි සිතා මස් මාළු ඇතිව බල්ලාට හොඳට සලක යි. මෙහෙම කලක් ගත වෙද්දී ගෙහෙමියාගේ බිරිඳ පොල් ගාමින් සිටින අතර තුර වෙනත් කටයුත්තක් ස‍ඳහා සුළු මොහතක් බැහැර විය. ඒ ඇසිල්ලේ බල්ලා විසින් පොල් බෑයක් හොරා ගෙන යෑමට උත්සාහ කරන ලදී. ඒ මොහොතේ ගෙහෙමියාගේ බිරිඳ විසින් හිරමනයෙන් බල්ලට ගසන ලද අතර ඒ පහරින් බල්ලා ජීවිත්ක්ෂයට පත් විය. ගෙහෙමියා කල්පනා කරනුයේ “භගාවාන් විෂ්ණුට වඩා මීයා බලවත්; මීයට වඩා බළලා බලවත්; බළලාට වඩා බල්ලා බලවත්; බල්ලට වඩා බිරිඳ බලවත්” යැයි සිතා ඒ මොහොතේ පටන් බිරිඳට වදින්න පුදන්න ගත්තේ ය. මේ විපර්යාසය ඉවසා ගත නොහී බිරිඳ ” මේ මිනිහට පිස්සු! මට වදින්නේ; මේ නෝන්ජල් මිනිහා සමඟ තවත් දීග කෑ නො හැක” යැ යි සිතා තම ස්වාමි පුරුෂයා අත හැර මවපියන්ගේ නිවසට ගියා ය. සැමියා කාත් කවුරුවත් නැති ව ගෙදර තනි විය. පැරැහැරේ අලියා කුලප්පු වී සමට වඩා බලවත් සෙයකි. මුල් ඇදහුම් අත් හැර අලියාට පුද පුජා වැදුම් ලැබීමට භාජනය වුව හොත් එය ද පුදු ම නැත. දාන, ශීල, භාවනා, ශීල, සමාධි, ප්‍රඥා යන සයෙන් පිටස්තරව පින් කුසල් නැත්තේ ය.

:       2       16

Ariyathilaka Sunday, 07 July 2024 12:47 PM

දස අකුසලය සහ සම්බුදු සසුන එකට පවතින්නේ නැත.

:       2       10

Ariyathilaka Sunday, 07 July 2024 01:03 PM

කායික, වාචසික, මානසික, ක්‍රියා දාන ශීල, භාවනා, ශීල, සමාධි, ප්‍රඥා යන හයෙහි නො වැටේ නම් ඒ සියල්ල පින් කුසල් නොව පව්=අකුසල් ය. දස අකුසලය සහ සම්බුදු සසුන එකට පවතින්නේ නැත.

:       1       10

ගමේ එකාලා Sunday, 07 July 2024 02:29 PM

එක්තරා විදියක සත්ව හින්සනයක්... අලියා කලබල වෙන එක අහන්න දෙයක් නැහැ?

:       1       10

චාන්දනී Sunday, 07 July 2024 02:51 PM

බෙල්ලන්විල ඇතා තමයි හොඳටම කළේ…?

:       1       7

සුනිමල් Sunday, 07 July 2024 03:52 PM

බුද්ධ කාලයේ කොසොල් රජු සිවුරග සේනාව අරගෙන (ඇත්,අස්,රිය පාබල හමුදා ) අරගෙන යුද්ධය සදහා ගියා ලංකාවෙ දුටුගැමුණු රජුත් එහෙම කලා පෙරහැර කිරීමට විරුද්ධව අදහස් ඉදිරිපත් කල මිලානෝලා Lalla රංජන් වගේ අය හිටියා නම් මොනවා කරයිද කියලා හිතාගන්න බැහැ අපි දන්න හැටියට අවුරුදු තුන්දහසකට ආසන්න කාලයේ සිට ඔය සතුන් යොදාගෙන පෙරහැර පමණක් නොවෙයි සංවර්ධන කටයුතුත් කර තියෙනවා ඉන් එකක් අතීතයේ මහා පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රය සකසන්න අලි ඇතුන් යොදාගෙන තියෙනවා ඒ රජවරු සත්ව හිංසාව කියලා ඒවා නොකලානම් මොකද වෙන්නෙ ඉතින් ඔය පෙරහැර වලසතුන් පමණද යන්නෙ එහෙනම් මෙයින් මිනිසුන්ටත් හිංසා වෙනවා කියලා තේරුම් ගන්න බැරිද ඔය කට්ටියම සත්ව හිංසා කියලා හරක් එලුවො ඌරො කුකුල්ලු මරා විකුණන වෙලාවෙ ගෙනවිත් රසකර කර කන්නෙ නැද්ද මුහුදට ගොස් මසුන් මැමැරීම සත්ව හිංසාවක් නොවෙයිද එයට අමතරව පොලිසිය සුනඛ හමුදාවක් යොදාගෙන කටයුතු කරනවා එතකොට සුනඛයන් සතුන් නොවෙයිද එයින් සත්ව හිංසා වෙන්නෙ නැද්ද

:       4       10

පිටරැටියා Sunday, 07 July 2024 04:38 PM

පෙරහැරවල ගමන් කරන අලින්ට පුදුම වදයක් නේ දෙන්නේ? උන්ගෙත් ඉවසීමේ සීමාව පැනලා ?

:       0       1

Rohana Sunday, 07 July 2024 05:06 PM

අද කාලෙට අලිත් එක්ක මොන පෙරහැරවල්ද? පෙරහැර නවත්වමු.

:       0       0

Ruwan De Silva Sunday, 07 July 2024 06:41 PM

අලියා මිහිපිට පහල වුනේ මිනිසා පහල වෙන්න වසර මිලියන ගානකට කලින්, මිනිස්සු ලංකාවට සංක්‍රමණය වෙන්නත් වසර මිලියන ගානකට පෙර ඒ හින්දා අලියාට ඇති අයිතිවාසිකම වැඩියි මිනිස්සුන්ට වඩා. මේක හරියට ඉංග්‍රීසි ලංකාවට ඇවිල්ලා අපිව වහල්කමට ගත්තා වගේ.

:       0       1

chandima Sunday, 07 July 2024 08:19 PM

මහ අලියාගේ ඉඳන් ඔක්කොම අලි මේ දවස් වල දෙලෝ රත්වෙලා කුලප්පු වෙලා තමයි ඉන්නේ.අඩු තරමේ ගෙදර ගිහින් ජීවත්වෙන්න ගස් ගෙඩි කඩන රස්සාවක්වත් දන්නේ නැති නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 1039 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 305 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 115 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 1018 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 710 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 242 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 725 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site