
(කේ.ඩි. දේවප්‍රිය)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මඟින් ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අද (03) ෙපෙරවරුවේ විවෘත කෙරිණ.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් මත බැතිමතුන්ගේ පඩුරු ආධාර හා විවිධ පරිත්‍යාග භවතුන් ලබා දුන් ආධාර මත මිලියන 156 ක වියදමින් මෙම වාට්ටු සංකීර්ණය ඉදිකර තිබේ. ළමුන් 75 දෙනකුට ප්‍රතිකාර ලබා ගත හැකි අතර දරුවන් සඳහා ක්‍රියාකාරකම් කිරීමට හැකි ස්ථාන ද සහිත වේ.
මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් අතින් සිදුවිය. පැය භාගයකට සීමා වූ මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා කිසිදු දේශපාලන මහතෙකු එක් නොකර තිබීම විශේෂයකි.
අපේක්ෂා රෝහලේ දැරියක් පමණක් සභාව අමතනු ලැබූ අතර මෙම වාට්ටු සංකීර්ණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රාමදායකත්වයෙන් ඉදි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩවලින් කපුවො නම් කෝපවෙලා ඇති...
මේ වගේ වැඩක් ලංකාවේ කරපු පළමු වතාව මම හිතන්නේ
මුළු රටටම ආදර්ශයක් .ලොකු පින්කමක්