
(ජේ.කේ.එල්. චාමින්ද ,ඩී.ජී.සුගතපාල සහ දිපාල් සිල්වා)
කතරගම ගොස් ආපසු එමින් සිටි සුඛෝපභෝගි බස්රථයක් අද (01) පෙරවරුවේ දි දක්ෂිණ අධිවේගි මාර්ගයේ 88 වැනි කිලෝමිටරය අසලදි මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් බසයේ ගමන්ගත් 15 දෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
තුවාල ලැබුවන් අතර පිරිමි පුද්ගලයින් 11 දෙනකු හා කාන්තාවන් 04 දෙනකු සිටින අතර ඔවුන් අතර තුවාල ලැබු ළමුන් තුන් දෙනකු සිටින බවද පොලිසිය පවසයි.
මෙකි අනතුරෙන් වාහනයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර අනිකුත් අය සුළු තුවාල ලබා ඇති බව රෝහල් පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ මතුගම පැලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
ඡායාරූප දීපාල් සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකට හප්පිලා තියන ඔලුගෙඩි ගාන 1579..ක් ලු . බසෙකෙ හිටපු ගානයි හැප්පිලා තියන ඔලුගෙඩි ගානයි දිහා බලනකොට .. එක ඔලුගෙඩියක් 48 පාරක් විතර අනිත් ඔලු ගෙඩිවල හප්පිලා තියනව නේද ..?