
(කේ ඩි දේවප්‍රිය)
අප රට එක් සේසත් කර ස්කන්ධ දෙවියන් වෙනුවෙන් කතරගම දේවාලය ඉදිකළ දුටුගැමුණු රජතුමා දුන් නියෝගයක් අකුරටම ඉටු කරමින් තවලම කතරගම පුජා භුමියට අද පැමිණියේය.
බුත්තල පැල්වත්ත දෙවියන්ගේ වෙළේ සිට වි මළු ගවයන් පිටේ බැඳ බුත්තල ගෝනගංආර යාල අංක 02 කලාපය ගල්ගේ මර්ග ඔස්සේ කතරගම දේවාලය වෙත තවලමින් වී රැගෙන විත් දෙවියන් ගේ විි ගබඩාවට ලබා දෙන ලදී .
අතිතයේ අද මෙන් ප්‍රවාහන පහසුකම් සහ මාර්ග පද්ධති නොතිබුණි. එම නිසා තවලම් මගින් වී රැගෙන ආහ.
වර්තමානයේ කාපට් කරන ලද මාර්ග ඇතුළු පහසුකම් පවතියත් අදට වසර 2245 කට පෙර දෙවියන්ගේ වෙලේ සිට ගවයන් බැදි තවලම මගින් එදා සිට අද දක්වා සැම ඇසළ මංගල්‍යයකදිම මේ අයුරින් තවලම් මගින් වී රැගෙන එති.
දේවාලයේ මහබේත්මේ සහ කුඩා බේත්මේ ලේකම්වරුන්ට අයත් වී මොහාන්දිරම් දෙදෙනකු ගේ බාරයේ තවලම මගින් විි සහල් රැගෙන ඒම සිදු කරති.
එසේ රැගෙන එන විි ආලත්ති අම්මා මගින් මෝල් ගස් වලින් කොටා සහල් බවට පත් කර දෙවියන් ගේ දානය තැබිම සිදුවේ .
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම ඇසළ මංගල්‍යයේ තවලම් සිරිත ඉටු කරති
Bamunuarachchi Monday, 19 June 2023 09:16 PM
දුටුගැමුණු විතර නොවෙයි මහින්ද ත් සිහිකර ඇසල මංගල්‍යයේ තවලම් සිරිත කරන්න. මහින්ද නොසිටින්න අද අපිට සිංහල රටක් නැහැ.