
(කේ ඩි දේවප්‍රිය)
අප රට එක් සේසත් කර ස්කන්ධ දෙවියන් වෙනුවෙන් කතරගම දේවාලය ඉදිකළ දුටුගැමුණු රජතුමා දුන් නියෝගයක් අකුරටම ඉටු කරමින් තවලම කතරගම පුජා භුමියට අද පැමිණියේය.
බුත්තල පැල්වත්ත දෙවියන්ගේ වෙළේ සිට වි මළු ගවයන් පිටේ බැඳ බුත්තල ගෝනගංආර යාල අංක 02 කලාපය ගල්ගේ මර්ග ඔස්සේ කතරගම දේවාලය වෙත තවලමින් වී රැගෙන විත් දෙවියන් ගේ විි ගබඩාවට ලබා දෙන ලදී .
අතිතයේ අද මෙන් ප්‍රවාහන පහසුකම් සහ මාර්ග පද්ධති නොතිබුණි. එම නිසා තවලම් මගින් වී රැගෙන ආහ.
වර්තමානයේ කාපට් කරන ලද මාර්ග ඇතුළු පහසුකම් පවතියත් අදට වසර 2245 කට පෙර දෙවියන්ගේ වෙලේ සිට ගවයන් බැදි තවලම මගින් එදා සිට අද දක්වා සැම ඇසළ මංගල්‍යයකදිම මේ අයුරින් තවලම් මගින් වී රැගෙන එති.
දේවාලයේ මහබේත්මේ සහ කුඩා බේත්මේ ලේකම්වරුන්ට අයත් වී මොහාන්දිරම් දෙදෙනකු ගේ බාරයේ තවලම මගින් විි සහල් රැගෙන ඒම සිදු කරති.
එසේ රැගෙන එන විි ආලත්ති අම්මා මගින් මෝල් ගස් වලින් කොටා සහල් බවට පත් කර දෙවියන් ගේ දානය තැබිම සිදුවේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුටුගැමුණු විතර නොවෙයි මහින්ද ත් සිහිකර ඇසල මංගල්‍යයේ තවලම් සිරිත කරන්න. මහින්ද නොසිටින්න අද අපිට සිංහල රටක් නැහැ.