IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කතරගම අසේලට වස දීලා?අයෙක් සැකපිට

(එම්. කේ. නන්දසේන)

කතරගම අභිනවාරාම විහාරස්ථානයට අයත් ‘අසේල’ නැමැති අලියාට දහවල් යම් විස සහිත රසායනික ද්‍රව්‍යක් යෙදූ පැණි කොමඩු ගෙඩියක් දුන්බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලීසිය කියයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇත් ගොව්වා වන තුෂාර ප්‍රියදර්ශන නැමැත්තා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

අලියාට මෙම කොමඩු ගෙඩිය ලබාදුන් පසු එය බිම හෙලා ඇති බවත්, අලියාද නොසන්සුන්වී මුඛයෙන් සෙම වගුරුවමින් සිටි නිසා ඌව කලාපය භාර පශුවෛද්‍ය නිළධාරී ආනන්ද ධර්ම කීර්ති මහතා කැඳවා ප්‍රථිකාර ලබාදී තිබේ.

මීට පෙර අලියා භාරව සිටි බව කියන ඇත් ගොව්වා කිසියම් අක්‍රමිකතාවයක් හේතුවෙන් ඉවත්කොට ඇති බවත්, එම පුද්ගලයා විසින් වස යෙදූ කොමඩු ගෙඩිය අලියාට දෙන ලෙසට දුන් උපදෙසක් මත මෙය දුන් බවත් සැකකරු පවසා ඇත.

මෙය සැලසුම් කළ බව කියන පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කතරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.   



අදහස් (4)

කතරගම අසේලට වස දීලා?අයෙක් සැකපිට

පැරකුම් Sunday, 20 August 2023 11:25 AM

මිනිසා තිරිසනුන්ටත් වඩා අන්ත තත්වයකට පිරිහී ඇති බව නේද පෙනෙන්නේ…!!!

:       0       53

Shashika Sunday, 20 August 2023 01:52 PM

හරිම දුක්ඛිත වැඩක්..

:       0       18

lankasri Sunday, 20 August 2023 05:36 PM

අපෝ මෙහෙමත් පවුකාරයෝ.!

:       0       18

sam Monday, 21 August 2023 12:42 AM

ලංකාව දැන් පුදුම, අවජාතක , කාලකන්නි සක්කිලි ඉන්න රටක් වෙලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site