(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයෙන් ඉන්ධන ලබාගැනීමට ඊයේ (31) රාත්‍රී වන විට වාහන ලක්‍ෂ 50 ක් ලියාපදිංචි වී සිටි බවත් ඉන්ධන පිරවුම්හල් 1,140 ක් කිව්.ආර්. පද්ධතිය හරහා ඉන්ධන නිකුත් කිරීමට අනුගත වී සිටි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
එම ඉන්ධන පිරවුම්හල් 1,140 ට ‘සිපෙට්කෝ’ පිරවුම්හල් 964 ක් සහ අයි.ඕසී. පිරවුම්හල් 176 ක් ඇතුළත් බවත් එම ඉන්ධන පිරවුම්හල් හරහා ඊයේ දිනයේ ඉන්ධන ලීටර් මිලියන 10 ක් ලබාදුන් බවත් බලශක්ති අමාත්‍යංශ දත්ත පෙන්වා දෙයි.
ලියාපදිංචි වී ඇති වාහන ලක්‍ෂ 50 ට යතුරුපැදි 2,891,260 ක්, ත්‍රිරෝද රථ 876,158 ක් සහ කාර් රථ 651,314 ක් ඇතුළත් බව ද එම දත්ත පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක වාහනයකට ලීටරය ගාණේ දුන්නත් සුමානයකට ලීටර් ලක්ෂ 50ක් ඕන වෙනවා