IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කතානායකතුමා ගැන කණගාටුයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

"ඇමැතිතුමා" යනුවෙන් ආමන්ත්‍රණය නොකර "මන්ත්‍රිතුමා" යනුවෙන් ඇමැතීම  සම්බන්ධයෙන් චාමර සම්පත්  මන්ත්‍රීවරයාගෙන් කතානායකවරයවරයා සමාව ඉල්ලීම ගැන තමා කනගාටුවන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා  පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

මේ සභාවේ ඉන්න සියලු දෙනා මන්ත්‍රීවරුන් බවත්  කතානායකතුමා කතා කරද්දී  ඇමැතිද  රාජ්‍ය ඇමැතිද කියා නොසොයන බවත්  ඔහු සඳහන් කළේය.

ජයසේකර මහතා මෙසේ පැවසූවේ මැතිසබයේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

දයාසිරි ජයසේකර මහතා මෙසේද සඳහන් කළේය.

ඊයෙ මම මේ සභාවෙ  නැති  වෙලාවේ චාමර සම්පත් ඇමතිතුමා. සාමාන්‍යයෙන් කථානායකතුමා මන්ත්‍රීතුමා කිව්වම ඒක එච්චරයි ඇමතිතුමා ද රාජ්‍ය ඇමති ද කියල හොයන්නේ නැහැ. මම කනගාටු වෙනවා කථානායකතුමා සමාව ගත්ත එක ගැන මෙතන ඔක්කොම මන්ත්‍රීවරුන් රාජ්‍ය ඇමති මහ ඇමති කියල මෙතන කතා කරන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද මෙතනට ගෙනල්ලා කතා කරලා වැඩක් නැහැ ඒව කතා කරන්න ඕන එළියට. කෝටි ගණනක් වියදම් කරලා මේ විවාද පවත්වන්නෙ අයවැය විවාද කියන්නේ අයවැය විවාද. මගේ නම මෛත්‍රීපාල මෛත්‍රීපාල ජනාධිපති තුමාගේ අරූ නම ආරෝපණය කරලා කතා කරපු කතා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා

ඒ ගැන සොයා බලා කටයුතු කරනවා



අදහස් (4)

කතානායකතුමා ගැන කණගාටුයි

sam Thursday, 24 November 2022 12:52 PM

චාමරයා හරියට ලබ්බට රිට හිටවපු එකෙක් වගේනේ. පාර්ලිමේන්තුවට හෙණ ගහලා තියෙන්නේ මේ වගේ අය හින්දා තමා.

:       0       3

Sunil Thursday, 24 November 2022 12:53 PM

කිසිම උගත්කමක් හෝ හැදියාවක් නැති අයට නොලැබිය යුතු තානාන්තර ලැබීමේ ප්‍රතිඵලය තමයි මේ.

:       0       3

Perera Thursday, 24 November 2022 03:33 PM

වෙදතුමා කිව්වනම් හරි.

:       0       2

Kumara Thursday, 24 November 2022 06:54 PM

අනේ පව් නිවන් සැප ලැබේවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site