(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට මෙන්ම මුළු ලෝකයම ලංකා පාර්තමේන්තුවේ අද සිදුවන ක්‍රියාවලිය දෙස බලා සිටින හෙයින් ආදර්ශමත්ව හැසිරෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව ඇරඹුමේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
කතානායක වරයා මෙසේද කීය.
අද අට වන විධායක ජනාධිපති තෝරන ඓතිහාසික දිනයක් බව කිවයුතුයි. මේ විශේෂ අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අප හැම දෙනා ම පමණක් නොව මුළු රටම සහ මුළු ලෝකයත් අද දින පාර්ලිමේන්තුවේ සිදුවන්නේ කුමක්ද කියා වෙනදාට වඩා අවධානයෙන් පසුවන බව නොඅනුමානය.
කිසිම ජංගම දුරකථනයක් ඡන්දය ප්‍රකාශය කරන අවස්ථාවට ගෙන ඒමෙන් වැළකී සිටින ලෙස ද බැරි වීමකින් හෝ ජංගම දුරකථනය තමා අතේ තිබුණොත් එය භාර දීම සඳහා නිලධාරීන් දෙදෙනෙක් දෙපැත්තේ සිටින බවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිමි.
සිය ඡන්දය හෝ ඡන්ද පත්‍රිකාව හෙළිදරව් කිරීම හෝ ජංගම දුරකථන දුරකථනය භාවිතා කරමින් ඡායාරූප ගත කිරීම ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව අප දෙන ලද ප්‍රතිඥාවට ද පටහැනි බව කිව යුතුයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කතානායකගෙන් විශේෂ ඉල්ලීමක්