(සුජිත් හේවාජුලිගේ )
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයත් එය පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත් මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමට මේ දිනවල රහස් සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ආණ්ඩුවේ සහ විපක්ෂයේ මුල් පෙළේ දේශපාලනඥයන් සිවු දෙනකුගේ නිවෙස්වල මෙම සාකච්ඡාවට වට පැවැත්වී ඇත
ඡන්ද විමසීමදා විරුද්ධ පාර්ශ්වයෙන් මන්ත්‍රීවරුන් තම පාර්ශ්වයට කැඳවා ගැනීම ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේත් ප්‍රධාන ඉලක්කයවී ඇත.
මේ අතර මේ පිළිබඳ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් ගණනාවක් ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධ ප්‍රතිඵලය තමන්ට වාසිදායක ආකාරයට ලබාගතහොත් ඉදිරි ඡන්ද වලදීඑය ප්‍රචාරක මෙවලමක් ලෙසද පාවිච්චි කළ හැකි බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් කිහිප දෙනකු සිය මන්ත්‍රීවරුන්ට පෙන්වාදී ඔවුන් දිරිමත් කර ඇතැයි දැනගන්නට ඇත.
කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දිනවල විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
226ම විශ්වාසය භංගවෙලා ගොඩක් කල්... මැරිලා ඉපදුණත් ඒක වෙනස්වෙන්නේ නෑ, නෑමයි...!
ඕවා අපිට වැඩක් නැහැ... හාමතේ සිටින දුප්පත් ජනතාව වෙනුවෙන් සොරමුල පාලනයෙන් පන්නා දැමිම ජනතාවගේ එකම අභිලාෂය වී ඇත.
ඔය භංගවලින් අපට වැඩක් නෑ. හොරු එළවන එකයි ජනතා පැතුම...
225 යොදාගෙන දිනාගන්න ඒවා බඩගින්නේ ඉන්න ජනතාවට වැඩක් නැහැ. ඡන්දෙ එනකන් බලන් ඉන්නේ...
ඡන්දය දීමෙන් වැළැකී සිටින එවුන් තමයි නියම කපටි නරි, අමතක කරන්න එපා... ජනතාව ඉතාමත් විමසිල්ලෙන් බලා සිටිනවා...
සජිත්ට තමයි තම ගෙඹිරැල බේර ගැනිල්ල ගැන කරදර වෙන්න තියෙන්නේ...!
මොවුන් තම පැවැත්ම සඳහා ඕනෑම අසික්කිත වැඩක් කිරීමට සූදානම් ප්රතිපත්තියක් හෝ ලැජ්ජාවක් නැති නින්දිතයින් පිරිසකි
මේ දවස් දෙකට යන වියදම මනින්නෙ ලක්ෂ වලින් ද මිලියන වලින් ද මුං මේ රටේ දුක්ඛ දෝමනස්සයන් කරපින්න ගත්තු අහිංසකයන්ගෙ වක්ර බදු වලින් තමයි මේ විදියට ආතල් ගන්නෙ. මුං කොයිකා හිටියත් දැං අපිට මොන කෙංගෙඩියද ඉදගෙන කරන්නෙ. තව ටික දොහොකිං බක්මහ අකුණු නං ගහයි ගෙනියන ගාන???