
(රන්ජන් කටුගම්පොල )
නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කතානායකවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටියේය.
ඒ අනුව කථානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කණගීස්වරන් මහතා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේද නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් චායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරය සම්මතයට පත් කිරීම සඳහා සලකා බැලීමට සූදානම් බවයි.
ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd