(කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ දී කතානායකවරයා ගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි බවට තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයක ඉදිරිපත් කර ඇප මත සිටි සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කඩුවෙලා මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය අද (05) දින නියෝග කළාය.
ඉකුත් අරගල සමයේ 2022 මැයි මස 04 දින හෝ ඊට ආසන්න දිනයකදී රටෙහි පැවැති තත්වය සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කිරීම සදහා සංදේශයක් බාර දීමට බව පවසමින් යමින් සිටි සමාජ ක්‍රියාකාරීන් 13 දෙනකු මෙලෙස තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පසුව මහරගම පොලිසියේ රදවා තබා ගනිමින් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි
එම අවස්ථාවේදී මෙම සැකකරුවන් 13 වෙනුවෙන් නීතිඥවරුන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ.
සංවිධානාත්මකව අයුතු ජන රාශිය ඇති කිරීම, අයුතු ජන රාශියක සාමාජිකයන් වීම , පොලිසියට සහ මහජනතාවට බාදා කිරීම ඇතුලු චෝදනා කිහිපයක් මෙම සැකකරුවන් වෙත පොලිසිය මගින් අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd