(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායත් අනුව කටයුතු කරන තුරු පාර්ලිමේන්තු කටයුතුවලින් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කළ බව සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීම පිළිබඳව න්‍යාය පත්‍රය බලා තීරණයක් ගන්නා බවද සභානායකවරයා සඳහන් කළේය.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට්ටු හිනස්සන කතා... වැඩ නොකරත් බොරළු ගොඩ සිංහයාගේ වැඩ වගෙයි.
මේක ලංකාවට විතරක් විශේෂ තත්වයක්. ලෝකේ කොහෙද ආණ්ඩුවක් පාර්ලිමේන්තුව වර්ජනය කළේ...? ආණ්ඩුවක් නම් පාර්ලිමේන්තුවේදී ඕනෑම යෝජනාවක් සම්මත කරගන්න මන්ත්‍රී සංඛ්‍යාවක් සිටිය යුතුයි. එසේ නැත්නම් ආණ්ඩුවක් නොමැත. රට කන්න එපා...
කොල්ල කල්ලිය මේ රටින් තුරන් වෙලාම යන්න ඕනෑ කියලා තමයි අපි නම් ප්‍රාර්ථනා කරන්නේ....
එපා ළමයි...! ඔන්න බහුතරයක් නැතිනිසා... කිසිම දෙයක් සම්මත කරගන්න බැරි නිසා එහෙම නෙවෙයි.. ඔන්න වැරදියට ගන්න එපා දැන්ම කිව්වා.
ගිහිල්ල වැඩකුත් නැහැනේ මොකුත් සම්මත කරගන්න බලයක් නැතිව නේද?
අනේ හොඳයි යන්නම යන්න තරුණයෙකුට තැන දීලා...
අයියෝ දෙකොනින් සිනා. පාර්ලිමේන්තු නොඑන සභානායක !!!
අනේ යන්න හැමදාටම. රට කාපු අය...
එතකොට සිරිසේන කටයුතු කරන්නේ නීත්‍යානුකූලද?
මහින්දලා 113 පෙන්වන ඡන්දෙට අකමැති නම් කතානායක මොනවා කරන්නද? කෙසේවෙතත් මේ ගෙවෙන හැම මිනිත්තුවකදීම පසුබහින්නේ අපේ රටයි. දරුවන්ගේ අනාගතයයි. කෙනෙකුගේ දෙන්නෙකුගේ බල තණ්හාවට රට අගාධයට යවන එක හරිද? සිවිල් සංවිධාන ඉදිරියට ආ යුතු කාලයක්. දැනුමැති ඔබලා අපව බේරා ගන්න.
හා හා ලෝකයේ ප්‍රථම වතාවට වෙන්නැති මෙහෙම දේවල් වන්නේ... දන්නා තරමින් නම් පාර්ලිමේන්තු සම්ප්රදාය තුළ ආණ්ඩු පක්ෂය, විපක්ෂය හා ස්වාධීන කියලා කියන සැවොම සිටිය යුතුයි. අඩුම තරමින් මුල්කී දෙපැත්තවත් සිටිය යුතුය. මෙහෙ? මම බැලුවා අන්තර්ජාලයේ තියන ශබ්ද කෝෂවල විපක්ෂය හා ස්වාධීන කියන දෙක පමණක් තියන පාර්ලිමේන්තුවක් ගැන.... හොයාගන්න නැහැනේ. එ්ත් එකක් නම් හම්බ වුණා. බකමූණු සමූහයකට කියන්නෙත් පාර්ලිමේන්තුවලු. ලෝකයට අලුත්ම අර්ථකතනයක් දෙන්න වගේ හදන්නේ...
කොහොමද ඒක, එහෙමද දැන් ආස?
මහ මගේම නොවන සභානායක කමක් ඇත.
රට අනන වාමාංශිකයා. මෙයාව ඊළඟ ඡන්දයෙන් ගෙදර යවන්න ඕනෑ අර හැදියාවක් නැති අය එක්කම...
ත්‍රස්තවාදී පනතත් සමග ඉස්සෙල්ලා ව්‍යවස්ථාවේ 19 සංශෝධනය කියවන්න. ඔබට ජය!!!
එතකොට පඩිත් ගන්නේ නැද්ද?
තමුන් පාර්ලිමේන්තුවට එන්ඩත් එපා, අායෙත් දේශපාලනයට එන්නත් එපා. දැන් තමුන්ට තියෙන්නේ තමුන්ගේ දරුවන් ගාවට ගිහිල්ලා උණුවතුර ටිකක් නාලා පාඩුවේ ඉන්න එක... තවදුරටත් මහින්දගේ කරේ නැගලා රට කන්නේ නැතුව...
හිටියත් ඉතින් නෑ වගේ තමයි.
කතානායකතුමා 100% නිවැරදිව වැඩ කරනවා. මේ ගොන් නඩේ බොරුවට හැම එකම අවුල් කරනවා.
රටට විනාශයක් කළා මිස සේවයක් මේ අයගෙන් සිදුවී නැත.
මෙයා නම් නියම විදියටම හැසිරෙනවා පාර්ලිමේන්තුවේ.
බයගුළු දේශපාලකයින්ට තවතවත් කන්න හම්බ වෙන තෑග්ගක් වෙයි...
කොන්දක් නැති ආණ්ඩුවකින් වැඩක් නැහැ...
සභාවේ තදින් සිනා.....!!
බොරළුගොඩ සිංහයා හිටියා නම් මම සිංහයා වුණාට මගේ පරපුර ගොන් නාම්බෝ වුණා නේද කියලා ලැජ්ජා වේවි.... ජාතියේ පියා හිටියා නම් මගේ පරපුර ගෙම්බෝ වුණා නේද කියලා ලැජ්ජා වේවි. කොටින්ම කියනවා නම් රටක් වටිනා ඒ මිනිස්සුන්ගේ පරපුර, අභිමානය, හැමදේම විනාශ වෙලා නේද කියලා දුක් වේවි... තවත් ඒ රත්තරන් මිනිස්සුන්ගේ මූණුවල දැලි ගාන්නේ නැතිව පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි පුළුවන් නම් රටත් දාලා යන්න. පින් සිද්ද වේවි...!!!
මෙච්චරකල් අපි දැකල තිබුනේ විපක්ෂය නැගිටලා එලියට යනවා, අද තමා අපි මුලින්ම දැක්කේ ආණ්ඩු පක්ෂයක් නැගිටලා එලියට යනවා, වාර්තාවක් වගේ අපේ රටේ පාර්ලිමේන්තුවේ.
අදත් මේගොල්ලන්ගෙ පැත්තෙන් ඇතුලුවුනේ 86 දෙනයි.. ඉතින් මොන 113 ක් ද ?
පාර්ලිමේන්තුව නෙමේ රටෙන්ම යන්න. මොහු මේ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ඕනෑම හොඳ දෙයක නරකක් උලුප්පලා ජාතියට සෙතක් වෙන දේවල් නතර කරනවා. වාචාලකමට කෑගහනවා හැර කරන කතාවල හරයක් අැත්තක් තියනවද? රටේ පාපයට උපන් වාචාලයෙක්...
පාර්ලිමේන්තු ඡන්දෙට බය ආණ්ඩුව.
අපි නම් දැක්කේ පාර්ලිමේන්තුවේ නීත්‍යානුකුල වැඩකටයුතු වලට බයේ පැනලා දිව්වා වගෙයි. රටේ මොඩයින්ව අන්දුවාට... බුද්ධිමත් ජනතාවක් රටේ ජීවත් වෙන බව, පසුවට තේරෙයි.
බොරලුගොඩ සිංහයා සිටි කාලයේ ඒ වලව්වේ සත්තුත් හිටියද?
ඔච්චර කියවන්නෙ නැතුව කතානායකට විශ්වාසභංගයක් ගේන්නකෝ. නිමල් සිරිපාල කියන්නෙ බහුතරය තියෙන්නෙ රජයට කියල.
මේ අයගේ වැඩ නිසා රටේ ආර්ථිකය දිනෙන් දින වැටෙනවා. රුපියල ඩොලරයට සාපේක්ෂව අඩුවන විට බඩු මිල නගිනවා. පසුව රුපියල ස්ථාවර මට්ටමකට ආවත්, බඩුමිල නම් අඩුවන එකකක් නැහැ, ලෝක වෙළඳපලේ තෙල් මිල ශීඝ්‍ර ලෙස අඩුවෙමින් පවතිනවා නමුත් මිල සුත්‍රය අහෝසි කරපු නිස අපේ පැට්‍රොල් මිල අඩු නැහැ, පාර්ලිමේන්තුවේ බහුතරය නැත්නම් කරුණාකර අපේ ජාතික ධනය විනාශ කරන්නේ නැතුව ඉන්න.
මොහු සභානායක නේද? ආණ්ඩු පක්ෂය යයි කියාගන්න කණ්ඩායමේ නේද? ඉතින් කොහොමද පාර්ලිමේන්තුවෙන් යන්නේ? යන්න ඕන විපක්ෂයනේ.
අපි හිතනවා අපේ රටේ බුද්ධිමත් ජනතාව ඔබතුමන්ලට උත්තර දෙයි කියල එන ඡන්දෙකදී. ස්තුතියි
ජනතා ඡන්දයට බය අය පාර්ලිමේන්තු ඡන්දෙට බය නැහැ
පාර්ලිමේන්තු සම්ප්රදාය පවතින රටක ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරපු රටක් සිරි ලංකාව හැරෙන්න තව තියෙනවාද කියාලා කවුරු හරි හොයලා කියන්න පුළුවනිද?
බහුතරයක් නැති ආණ්ඩුව යයි කියාගන්න පිරිසකට ඇත්තේ විකල්ප දෙකකි. එකක් එළියේ සිටීම අනෙක පාර්ලිමේන්තුව තුල තමන්ට ආවේනික කෝලාහල කිරීම.
හොරට ඉන්නේ නැතුව ඉවත් වෙන්න කියල තම රටේ හැමෝම කියන්නේ මේක ඉත්තෑවාගේ ගෙට කැබැල්ලව රිංගුවා වගේනේ....
කතානායකගේ ස්ථාවරය හරියට හරි. මේ අයට තේරෙන්නේ නෑ ප්රශ්නය කොතෙනද තියෙන්නේ කියලා.
සිංහයෙක් නෙමේ ගස් ගෙම්බෙක් වගේ කෑ ගහනවා. අනේ මගේ රටට වෙච්ච දෙයක්...
පාර්ලිමේන්තුවේ බහුතරය නැති ආණ්ඩුව පාර්ලිමේන්තු ගිහින් මොනා කරන්නද ?
පාර්ලිමේන්තුව වර්ජනය කරන ලෝකේ පළමු ආණ්ඩු පක්ෂය මේ.
රට්ටු හිනා වෙනවා...
බොහොම දෙනෙක් එන මැතිවරණයේදී පරදිනවා
ඔය ඇමතිකම් ගද්දි දිවුරන්නේ රටේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරලා එය රකිනවා කියලා නෙමේද ?
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 06 ක් අතරින් පක්ෂ 04 කට අයත් නියෝජිතයන් 122 දෙනෙකු වර්තමාන පාලනය නොපිලිගන්නා බව විශ්වාසභංග යෝජනාවෙන් සහ ලිඛිත ප්‍රකාශ මඟින්ද දිගින් දිගටම පෙන්වා දී ඇති බැවින්, බහුතර මතයට කන් දීමට තමාට සිදුවන වන බවත්, එය කිසිවිටෙකත් පක්ෂග්රාහි වීමක් නොවන බවත් කථානායකවරයා පෙන්වා දුන්නා
අදහස් දාපු එක්කෙනෙක්වත් ලංකාවේ හිටපු අය නෙමෙයි වගේ.
දැන්ද නීතිය මතක් වුනේ.
දැන් ඇති... ලංකාවම කට්ටියම එකතු වෙලා කෑවා. මක බෑවිලා යන එක හොඳයි...
මේ මනුස්සයාගේ වයසට ගරුකළයුතු නමුත් වයසට නොගැලපෙන පොළව පැලෙන බොරු කියනකොට හරිම කණගාටුයි. පරිණත දේශපාලකයෙක් විදිහට අනෙක් නවක මන්ත්‍රීන්ට ආදර්ශයක් විය යුතුයි. නමුත් මොහුත් බන්දුල, වීරවංශ, රෝහිත වැනි අය එක ගොඩේ සිටීම අභාග්‍යයක්...
ඔක්කොටම ඉස්සරවෙලා තමුන් නීතියට ගරු කරලා ඉන්න.