(සුජිත් හේවාජුලිගේ )
මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් රජය ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තාවේ.
කතානායක ධුරය සඳහා නිහාල් ගලප්පත්ති මහතාගේ නම මීට පෙරද යෝජනා වී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපය නියෝජනය කරමින් ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට ආව නිහාල් ගලප්පත්ති මහතාගේ ජේෂ්ඨත්වය අගයමින් ඔහුට වටිනාකමක් දෙනවා නම් හොඳයි.
නාහල් ගලප්පත්ති සහෝදරයා පක්ෂයේ බොහෝම පැරැණි සාමාජිකයෙක්. ඒ වගේම පක්ෂය වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරපු කෙනෙක්... මම පුද්ගලිකව දන්නවා එතුමාගේ කැපකිරීම... අනික පක්ෂයට නාම යෝජනාවත් දාන්න තරම් භීෂණය පැවැති කාලයක තමයි එතුමා මේවාට ඉදිරිපත් වුනේ. මට හොඳට මතකයි එක්තරා දේශපාලකයෙක්..., එයා ජනාධිපතිත් වුණා හම්බන්තොට කච්චේරියේදී එතුමාට පය ඔසවා තර්ජනය කළා. ඒක රූපවාහිනයේත් ගියා. සමහර විට නිහාල් සහෝදරයාට වත් ඒක මතක නැතිව ඇති. ඒ නිසා මේ අවස්ථාව ගරු එතුමාට දෙනවා නම් හොඳයි...
නියෝජ්‍ය කථානායකතුමාගේ විශේෂඥ සුදුසුකම සම්බන්ධයෙනුත් කතාබහක් තියෙන නිසා ඔහුව මේ තනතුරට යෝජනා කිරීම සුදුසු නැහැ. පරිණත දේශපාලකයන් දෙදෙනෙක් වන නිපුණආරච්චි මහතා හෝ ගලප්පත්ති මහතා මෙයට සුදුසුයි කියා හිතනවා.
තවත් ආචාර්ය උපාධි ධාරියෙක්ද පත්කරන්නේ? උගතුන් පිරිලා මාලිමාවේ...
රිස්වි වෛද්‍යතුමාගේ පකිස්ථානෙන් ගත්තු වෛද්‍ය උපාධියයි, ලංකාවේ වෛද්‍ය කවුන්සලයේ ලිපියයි ඉදිරිපත් කරන්න.
තෙල් සංස්ථාවේ වැල්ඩින්කරුවෙකු විසින් කොටස් එකලස්කොට තනන ලද හිමිකරුවෙකු නොමැති සැකකටයුතු ආචාර්ය පට්ටමක්..., ජයවර්ධනපුර පාර්ලිමේන්තු වටරවුමේ තිබී, පොලිසිය විසින් සොයාගෙන ඇත. එහි හිමිකරු සොයා පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ. මේ පිළිබඳ ඔබ වැඩිදුර විස්තරයක් දන්නේ නම්, වහාම පැලවත්ත, බත්තරමුල්ල ජජබ ප්‍රධාන කාර්යාලය බාරේ ජපානයේ වසුඩා විශ්ව විද්‍යාලයට දන්වන්න.
ඔය කතානායක පුටුවට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන් තුන්දෙනාටම ‘‘ආචාර්ය පට්ටම්..‘‘ තිබේද බැලුවොත් හොඳයි. නැතිනම් අරයට වගේ මොට්ටක්කෙළිය ගලවලා ගෙදර යන්න වේවි.... සති දෙකකින්... !
කවුරු හරි කුඩු මුදලාලි කෙනෙක්, කප්පන් කාරයෙක්, හොර අරක්කු මුදලාලි කෙනෙක්. මාල හොරෙක් විපක්ෂයෙන් සොයලා ඔය තනතුරට පත්කරන්න බැරිද? ඒක තමයි සිලින්ඩර් බයියන්ට පුරුදු චරිත