IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කතානායක ධුරයට නම් තුනක්

(සුජිත් හේවාජුලිගේ )

මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක  වෛද්‍ය රිස්වි සාලි සහ  ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම්   යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් රජය ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳ  අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තාවේ.

කතානායක ධුරය සඳහා  නිහාල්  ගලප්පත්ති මහතාගේ නම මීට පෙරද යෝජනා වී තිබිණ.



අදහස් (13)

කතානායක ධුරයට නම් තුනක්

ranjith Saturday, 14 December 2024 12:00 PM

ජවිපය නියෝජනය කරමින් ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට ආව නිහාල් ගලප්පත්ති මහතාගේ ජේෂ්ඨත්වය අගයමින් ඔහුට වටිනාකමක් දෙනවා නම් හොඳයි.

:       7       72

SAMSunday, 15 December 2024 07:11 AM

මීළඟ කතානායක ධුරයට අදිකරණ චෝදනා හෝ දුෂණ චෝදනා නොමැති කෙනෙකු පත්කිරීම එම තනතුරට කරනාවූ ගරුත්වයකි

:       0       8

අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Saturday, 14 December 2024 12:52 PM

නාහල් ගලප්පත්ති සහෝදරයා පක්ෂයේ බොහෝම පැරැණි සාමාජිකයෙක්. ඒ වගේම පක්ෂය වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරපු කෙනෙක්... මම පුද්ගලිකව දන්නවා එතුමාගේ කැපකිරීම... අනික පක්ෂයට නාම යෝජනාවත් දාන්න තරම් භීෂණය පැවැති කාලයක තමයි එතුමා මේවාට ඉදිරිපත් වුනේ. මට හොඳට මතකයි එක්තරා දේශපාලකයෙක්..., එයා ජනාධිපතිත් වුණා හම්බන්තොට කච්චේරියේදී එතුමාට පය ඔසවා තර්ජනය කළා. ඒක රූපවාහිනයේත් ගියා. සමහර විට නිහාල් සහෝදරයාට වත් ඒක මතක නැතිව ඇති. ඒ නිසා මේ අවස්ථාව ගරු එතුමාට දෙනවා නම් හොඳයි...

:       10       57

ලසන්ත Saturday, 14 December 2024 01:33 PM

නියෝජ්‍ය කථානායකතුමාගේ විශේෂඥ සුදුසුකම සම්බන්ධයෙනුත් කතාබහක් තියෙන නිසා ඔහුව මේ තනතුරට යෝජනා කිරීම සුදුසු නැහැ. පරිණත දේශපාලකයන් දෙදෙනෙක් වන නිපුණආරච්චි මහතා හෝ ගලප්පත්ති මහතා මෙයට සුදුසුයි කියා හිතනවා.

:       7       36

lalSaturday, 14 December 2024 04:20 PM

වෛද්‍ය සභාවේ රෙජිස්ටරයේ බලන්න. දොස්තර සාලි ගේ නම තියෙනවා...

:       21       21

Buddika Saturday, 14 December 2024 01:48 PM

තවත් ආචාර්ය උපාධි ධාරියෙක්ද පත්කරන්නේ? උගතුන් පිරිලා මාලිමාවේ...

:       20       30

Janabala asamagi Sunday, 15 December 2024 08:27 AM

හත්වලාවේ ඔයාත් මිද්දෙනියෙද?

:       0       0

පිටිගල මිලානෝ Saturday, 14 December 2024 03:00 PM

රිස්වි වෛද්‍යතුමාගේ පකිස්ථානෙන් ගත්තු වෛද්‍ය උපාධියයි, ලංකාවේ වෛද්‍ය කවුන්සලයේ ලිපියයි ඉදිරිපත් කරන්න.

:       12       31

Lalla Sunday, 15 December 2024 09:33 AM

ඒත් නියෝජ්‍ය කතානායකට චෝදනාවක් තියෙනව වෛද්‍ය විශේෂඥයෙක් නොවී එහෙම ප්‍රචාරය කලා ඡන්ද සටනේදී කියල. ඒක අසත්‍ය ප්‍රකාශ කර ඡන්ද පදනම රැවටීමක් නොවේද?

:       3       6

අමල් Saturday, 14 December 2024 04:07 PM

තෙල් සංස්ථාවේ වැල්ඩින්කරුවෙකු විසින් කොටස් එකලස්කොට තනන ලද හිමිකරුවෙකු නොමැති සැකකටයුතු ආචාර්ය පට්ටමක්..., ජයවර්ධනපුර පාර්ලිමේන්තු වටරවුමේ තිබී, පොලිසිය විසින් සොයාගෙන ඇත. එහි හිමිකරු සොයා පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ. මේ පිළිබඳ ඔබ වැඩිදුර විස්තරයක් දන්නේ නම්, වහාම පැලවත්ත, බත්තරමුල්ල ජජබ ප්‍රධාන කාර්යාලය බාරේ ජපානයේ වසුඩා විශ්ව විද්‍යාලයට දන්වන්න.

:       44       61

Nandalal DE SILVA - France Sunday, 15 December 2024 03:43 AM

ඔය කතානායක පුටුවට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන් තුන්දෙනාටම ‘‘ආචාර්ය පට්ටම්..‘‘ තිබේද බැලුවොත් හොඳයි. නැතිනම් අරයට වගේ මොට්ටක්කෙළිය ගලවලා ගෙදර යන්න වේවි.... සති දෙකකින්... !

:       0       2

පම්පෝරි ජනක Sunday, 15 December 2024 11:40 AM

කවුරු හරි කුඩු මුදලාලි කෙනෙක්, කප්පන් කාරයෙක්, හොර අරක්කු මුදලාලි කෙනෙක්. මාල හොරෙක් විපක්ෂයෙන් සොයලා ඔය තනතුරට පත්කරන්න බැරිද? ඒක තමයි සිලින්ඩර් බයියන්ට පුරුදු චරිත

:       10       7

karolisSunday, 15 December 2024 02:38 PM

පම්පෝරි ජනක, අන්තිමට බැලුවාම 69 ලක්ශේ කරලා තියෙන්නේ චෞර පරපුරෙන් බලය අරන් චේතිය පරපුරට දීපු එක...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site