IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කතානායක කියූ දෙයක් ගැන විවාදයක් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදෙස් රටවලට අවශ්‍ය ලෙස ලංකාවේ ඉරණම් කතාව ලියන්න කැස කැවූ බලවේග ගැන කරුණු ආවරණය කර ගැනීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතව තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී අද (2)පැවසීය.

අදාළ කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් අවශ්‍ය බවද මන්ත්‍රීවරයා කීය.

කථානායකවරයා විශ්වාසභංග යෝජනාව අවසානයේ කළ කතාවේදී අරගල සමයේදී ව්‍යවස්ථාවට පිටින් රටේ ජනාධිපති වගකීම බාර ගැනීම සඳහා දෙස් විදෙස් කණ්ඩායම් බලපෑම් ඇති කළ බවට ප්‍රකාශයක් කළ බව කී වීරවංශ මහතා තමා ලියූ සැඟවුණු කතාව පොතේද හිටපු ජනාධිපති ගෝඨාභය ලියූ පොතේද අරගලයට තිබූ විදෙස් බලපෑමක් පිළිබඳ තොරතුරු ඇතුළත් වන බව සඳහන් කළේය.

මෙය රටේ ස්වෛරිත්වය පිළිබඳ ඉතා බරපතල තත්වයක් බව කී මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේ ව්‍යවස්ථාවට පිටින් තීරණ ගන්නට පෙළඹවන ලද්දේ කවුද?ස්වෛරීත්වයට බලපෑම් කළේ කවුද? ඔවුන් කුමන අරමුණක් ඇතිව එවැනි දේ කළාද? යන කාරණය පිළිබඳව හෙළි කර ගත යුතුව තිබෙන බව කීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කීවෙි අරගලය දා ජනතා ස්වෛරීත්වයට බලපෑම් කළේ  රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බවයි.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විනාශ කරන්නට කටයුතු කළත් එය අසීරුවෙන් අප නතර කරගත් බව කී කතානායකවරයා  විදේශ බලපෑම් මතම ඒ කාරණා සිදුවූ බවට තමාට  තොරතුරු නැතැයි කීය.

 

 



අදහස් (1)

කතානායක කියූ දෙයක් ගැන විවාදයක් ඉල්ලයි

බන්දුල Tuesday, 02 April 2024 01:26 PM

ඔය පාර්ලිමේන්තු වෙන් මේ රටේ මිනිස්සුන්ට වෙච්ච එක දෙයක් කියන්න. කෝටි ගණන් දවසකට වියදම් කරලා කට්ටිය සුපිරියට කාල බීලා බ්‍යලා කියවලා යනවා. පුදුම රටක්. මිනිස්සු මැරීගෙන වැඩකරලා මුදල් හොයලා බදු ගෙවනවා මුන්ට ජොලි කරන්න. මිනිස්සු හාමතේ.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site