(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික නිවසක් තුලට ඇතුළු වී එහි සේවිකාවන් දෙදෙනාට පොල්ලකින් පහර දී ගෙල මිරිකා ඝාතනය කොට නිවසේ තිබු ඉමිටේෂන් රන් ආභරණ සහ රට කාසි 12 ක් සොරකම් කර ගෙන ගිය බව කියන පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
එසේ අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව තිබුණේ පාලටුව, මාලිම්බඩ, අගලවත්තේ පදිංචිව සිටි කොටවිල විතාරණගේ නිමලාවතී (67) හා වල්ගම මාතොටගම පදිංචිව සිටි හේවා පින්නදුවගේ විමලාවතී (70) නැමැති කාන්තාවන් දෙදෙනෙකි.
ඔවූන් අදාල නිවසේ නාන කාමරයක හා වැසිකිලියක් තුල මරා දමා තිබෙන අයුරු ගෙහිමි ව්‍යාපාරික කාන්තාව දැක පොලීසිය වෙත දැනුම් දී තිබුණි.
ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් ඒ අසල නිවසක සී.සී.ටී.වී කැමරා පරික්ෂා කොට මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතුන් දෙදෙනා මරා බොරු රන් සොරාගෙන