(කේ බුද්ධික කුමාරසිරි)

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී චීවරධාරියකුට තරුණියකට සහ කාන්තාවකට පහර දීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් අට දෙනකු අද (08) දින අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.

තමන් ඥාති කාන්තවක් සහ ඇයගේ දියණිය සමග නිවසක් තුළ සිටි අවස්ථාවේදී බලහත්කාරයෙන් එම නිවසට ඇතුළු වූ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තමන්ට සහ අනෙක් දෙදෙනාට පහර දී නිවසේ තිබූ ගෘහ භාණ්ඩවලට හානි සිදු කළ බවද එම චීවරධාරියා විසින් සිදුකල පැමිණිල්ලක් මත මීට පෙර දිනකදී සිව්දෙනෙකු අක් අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හැරිය බවද පොලිසිය පවසයි.

මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් මහතාද අදාල සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබුණි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.