(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම වැලිපැන්න දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය සමීපයේ වැලි පැන්නපොලිස් වසමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක නායක හිමිනමක් තරුණ රූමත් කතුන් තිදෙනෙකු සමග ගිහි ඇදුමින් සැරසී කතරගම ලුණුගම් වෙහෙර තිස්සමහරහම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් සිටියදී දායක සභාවේ ගම්වැසියන් කීප දෙනෙකුට හසුවී ඇතිවූ සමස්ථ දායකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් එම විහාරාධිපති හිමියන් සඳුදා රාත්‍රියේම පන්සල හැර ගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කිය.
එම විහාරාධිපති හිමියන් කතුන් තිදෙනෙක් සමඟ ගිහි ඇදුමින් සැරසී ඉහතින් සඳහන් ප්‍රදේශවල විනෝද චාරිකාවකට ගොස් සිටියදී එම දිනයේම ගම්වැසි තරුණියන් කිහිප දෙනෙකුද කතරගම ප්‍රදේශයට ගොස් සිටියදී පන්සලේ හාමුදුරුවන් ගිහි ඇඳුමෙ කතුන් තිදෙනෙකු සමග සිටින අයුරු දැක විමතියට පත්ව එම තරුණයන් ගෙන තිබූ ඡායාරූප හා වීඩියෝ දර්ශන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළ කිරීමට පියවර ගැනීමත් සමඟ එම හිමියන් විනෝද චාරිකාව අවසන් කර විහාරස්ථානයට පැමිණෙන්නටත් පෙර විහාරස්ථානයේ දායකයින් එය දැක එම විහාරස්ථානය ඉදිරිපිට උන්වහන්සේට දැඩි විරෝධයක් පළ කිරීමත් සමග පෙරෙදා (29) රාත්‍රියේම පිටව ගොස් ඇතැයි වැලිපෙන්න පොලිසිය කියයි.
එම කතුන් තිදෙනා සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුවනු ඇතැයි පොලිසිය කියයි.
වැලි පැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විහාරස්ථානය ඉදිරිපිට දී පැවති විරෝධතාවයේ සාමය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රවෘත්තිය අනුව සමහර අය කියාවි බුද්ධාගමට අපහාස කරනවා. එන් ජී ඕ සල්ලි අරගෙන කුලියට කරනවා කියලා... මහනායක උන්නාන්සේලාත් ඔහොම කියලා තිබුණා. මම අහන්නේ මේ අයටද අපි ගෞරව පූර්වකව වඳින්න කියන්නේ? කොහොමද දුස්සීලය හඳුනා ගන්නේ...? දුස්සීල භික්ෂුවක් හෙලි වුණාම වචනයක්වත් නොකියන උන්නැහේලා මේවා ගැන හොයන අයට දොස් කියනවා. සමාජ මාධ්‍ය නොතිබුණා නම් මේ ප්‍රවෘත්තියේ ඉන්න හිමියෝ තවමත් පිං බත් කාලා වයසක මිනිස්සුන්ගෙන් වැඳුම් ලබනවා. ළඟදී කට්ටඩි හාමුදුරුවන් කෙනෙක් මරලා තිබුණා. කට්ටඩිකම් කිරීම හරිද? අපි වඳින්නේ කට්ටඩියාටද සිවුරටද? ගෙදර සිවුරක් එලලා ඒකට වඳින එක හරිද ඒ අනුව..?
TV එකේ චමුදිත එක්ක හාමුදුරුවෝ කියපු කතාව ඇත්ත...!
අපේ හාමුදුරුවෝ ගිහි ඇඳුමින් නිර්වාණය හොයාගෙන ගිහින්. තරුණ රූමත් කතුන් සමගින් නිර්වාණයට කලින් රහත්ඵල ලබලා...!!!
ඇබිත්තයෝයි පොඩි නමවලුයි, මදිවෙලාද මේ නාඹර ඇබිත්තියෝ තුනක් හොයාගෙන තියෙන්නේ…?
හාමුදුරුවන් හැර වෙනත් පිරිමින් හොයාගන්න මේ ගැහැණුන්ට බැරිද?
මේවාට දැඩි දඬුවම් ලබා නොදුනහොත්... ලංකාවේ බුද්ධාගම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වේ...!
තාම නිර්මල බුදුදහම ආරක්‍ෂා කරන්නේ අරණ්‍ය ගත ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාව ඒ ස්වාමීන් වහන්සේලා ඉතා සීල වන්තයි.. උදාහරණයක් පොල්ගස් ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානය, නා උයන, නිමලව, උන්වහන්සේලා මුදල් පරිහරණය කරන්නේ නැහැ...!