(ඉන්දිකා රාමනායක)
බෝම්බ සෑදීමට යොදා ගන්නා ඩෙටනේටර්, ජෙලෙග්නයිට් කූරු, උණ්ඩ ඇතුලු උපකරණ රැසක් කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ වළ දමා තිබියදී අද (27) සොයා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
පාස්කු ප්‍රහාරයට පෙර දින සෞදියට පලා ගොස් ජෙඩා ගුවන්තොටුපොළ ආසන්නයේ ලැගුම්හලක රැඳී සිටියදී ජෙඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයා වන මොහොමඩ් මිල්හාන් නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මේවා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයට රැගෙන ගොස් මිල්හාන් නැමැති සැකකරුගේ ප්‍රකාශ අනුව ස්ථාන කිහිපයක වළ දමා තිබූ මෙම උපරණ සොයාගත් බවද රුවන් ගුණසේකර මහතා කියාසිටියේය.
සොයාගත් භාණ්ඩ අතර ජෙලෙග්නයිට් කූරු 300 ක්, ඩෙටනේටර් 1000 ක්, ද්‍රව ජෙලෙග්නයිට් ලීටර් 8 ක්, ටී 56 ගිනි අවියක්, පිස්තෝල ඇතුළු විවිධ ගිනි අවිවලට යොදන උණ්ඩ 300 ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මොහොමඩ් මිල්හාන්ටත් ළඟදීම කැබිනට් ඇමතිකමක් ලැබෙයි?
පේනවා නේද සහජීවනේ තරම. මේවට සම්බන්ද පුද්ගලයන් විතරක් නෙමේ මේ අන්තවාදයම පරාජය කරන්න ඕනේ. ඒක අපිට පුළුවන්. ප්රභාකරන් අවුරුදු 30ක් යුද්ද කරලත්, ලෝකයේ බලවත්ම රටවල් ඇමෙරිකාව ඇතුළුව ප්රභාකරන්ට උදව් කලත් මෙරට ඔහුගේ කල්ලියට අල්ලන්න බැරි වුණා. ඒවගේම තමයි යුද්දයකින් කිසිම කලෙක සිංහල ජාතිය මුළුමනින්ම පරාජය වී නැහැ. කොතරම් බලවත් ජාතීන් මෙරට ආක්‍රමණය කරන්න හැදුවත් කවදාවත් යුද්දයකින් සිංහලයන්ව පරද්දලා නැහැ. කපටි ගිවිසුම් වලින් තමයි අපි හැමදාම පැරදුනේ.. ඒවගේම අපේ ඇතුලේ ඉදන් පවලා දෙන නායකයන්ගෙන්. ඒ නිසා සිංහල සමාජය දැන්වත් හරි නායකයෙක් හොයා ගන්න ඕනේ.
ආරක්ෂක අංශ පරික්ෂාවන් නවත්තලා කියල බොරු ප්‍රචාර අරන් ගියා ඒවා බොරු බව පේනවා ඒ අය සූක්ෂමව පරික්ෂණ කරනවා..
ඇයි කොටින්ගෙන් ගත්තු තුවක්කු වලට මොකද වෙන්නේ ??.
සහජීවනේ දොරේ ගලනවා.
දැන් ඉන්න දේශපාලන නායකයන් 30 අවුරුදු යුද්දය ගැන සිතපු විදිහටමයි මේ මුස්ලිම් ත්‍රස්තවාදය ගැන හිතන්නෙත්. 99% සුද්ද කරලා කියලා කට ගන්න උනේ නැහැ ඔන්න ලෝඩ් එකක්ම හම්බ උනා. පාමංකඩ අලිමන්කඩ නොදන්නා මෙයාලට රටක ආරක්ෂාව ගැන හිතන්න පුලුවන්ද. ඊයේ හදිස්සි නීතිය දීර්ග කිරීමේ විවාදයේදී ආණ්ඩුපක්ෂයෙන් පාර්ලිමේන්තුවේ සිටියේ 3 දෙනයි. මෙගොල්ලොද රටේ ආරක්ෂාව හදන්නේ. ආරක්ෂක ඇමැතිත් පාර්ලිමේන්තුවේ නැහැ.
මේ සහජීවන උපකරන. ජෙලි, එස්ලෝන් බට, සෙල්ලම් තුවක්කු, ටෝපි
මේක සහජීවනයේ වැරැද්ද කියලා දකින්නේ එක්කෝ දේශපාලන උවමනාවට නැත්නම් ජාතිවාදී මෝඩකමට. ලක්ෂ හතළිහක් පමණ වන ලංකාවේ දෙමල මුස්ලිම් ජනතාව බයකරගෙන සිංහලයින්ට සාමෙන් සැපෙන් ජීවත්වෙන්න පුළුවන් කියල හිතන එක තරම් මෝඩකමක් තවත් තියනවද. සිංහලයෝ බුද්දීමත්ව ඉවසීමෙන් හා කැපවීමෙන් කටයුතු කරොත් විතරයි ඔවුන්ට සාමෙන් ඉන්න ලැබෙන්නේ.
රටේ ජනාධිපති ප්‍රකාශ කරනවා ත්‍රස්තවාදය 99% ඉවරයි කියලා. මේ අහුවෙන්නේ මොනවද දන්නේ නෑ.? අවුරුදු 12 කට වැඩිය වර්ධනයවුණු මුස්ලිම් ත්‍රස්තවාදය මාසයකින් ඉවරකරන්නේ කෙසේද.
දේශපාලකයන්ට හදිසි නීතිය ඉවත් කරන්න හරිම හදිස්සියක් තිබෙන්නේ එකට හේතුව දේශපාලකයින්ගේ ගෝලයන් පසුගිය දවස්වල එකඑක හොර ජාවාරම් කරනකොට, මත්වතුර බීලා වාහන පදවන කොට හමුදාව ඉන්න චෙක් පොයින්ට් වලදී අසුවුණු, ඉස්සර පොලිසිය පමණක් ඉන්නකොට ලොක්ක පොලිසියට කෝල් කළාම නිකන්ම බේරිලා ගියා... නමුත් දැන් හමුදාවෙන් එහෙම ලේසියෙන් බේරිලා යන්න බැරි හින්දා ඔවුන් අමාරුවේ වැටිලා.. රටේ ත්‍රස්තවාදය පමණක් නොවේ.. වෙන අපරාධත් පාලනය වෙලා. අපට ඕනෑම රාත්‍රියක ගමනක්, බිමනක් බය නැතුව යන්න පුළුවන් හදිසි නීතිය, වැරදි නොකරන සාමාන්‍ය ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. අඩුම තරමේ හදිස්සි නීතිය මේ අවුරුද්ද අවසානය දක්වාවත් දිගුකරන්න.
සියලුම "තමන්ලා" ගොඩගියොත් රටම ගොඩ. එතකොට ඔබත් ගොඩ, මමත් ගොඩ, එයත් ගොඩ, අරයත් ගොඩ. ඕගොල්ලොත් හරියට කුරානය කියවන මිනිස්සුවගේ එල්බිලා තිබෙන අදහස්වලින් පිට හිතන්නෙම නැහැ.