
( වසන්ත චන්ද්‍රපාල)
කාත්තන්කුඩි නොචිචිමුනේ,මඩකලපුව ප්‍රදේශයේ නිවසක රහසේ පවත්වාගෙන ගිය කූඨ ලේඛනාගාරයක් වටලා එහි සිටි පුද්ගලයක් අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂකාර්ය බලකාය කියයි.
වසර ගණනක සිට මෙම පුද්ගලයා විවිධ රාජ්‍ය නිලධාරින්ගේ අත්සන් යොදා හොර ඔප්පු සකස් කර දි තිබෙන බව විමර්ශනවලද සොයා ගෙන තිබේ.
1960 වර්ෂය යෙදා ඔප්පු සකස් කර ඇති අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අත්සන් යොදා ද ඔප්පු සකස් කර ඇති බව විමර්ශණවලදි තහවුරු වි තිබේ.
මෙම සැකකරු විසින් මියගිය නිතිඥවරුන්ගේද අත්සන් යොදා විවිධ බලපත්‍ර සකස් කර ඇති බව විමර්ශණ නිළධාරින්ට පවසා තිබේ.
හිස් ඉඩමි ඔප්පු පොරමි 205 ක්,හිස් ත්‍යාග ඔප්පු පොරම් 58ක්,හිස් ඉඩම් පැවරුමි පොරම් 63ක්, හිස් ඉඩම් බලපත්‍ර 300 ක්.විවිධ නිලධාරින්ගේ ආදර්ශ අත්සන් සහිත පත්‍රිකා 30 යි.,විවිධ පුද්ගලයින් 12 දෙනෙකුගේ ජාතික හැදුනුමිපත් වල ජායා පිටපත් 12 ක්,පුද්ගලයින් තිදෙනෙකුගේ රියදුරු බලපත්‍ර ජායා පිටපත් 03 යි.ව්‍යාජ ඔප්පු සකස් කිරිම සදහා යොදා ගන්නා ලද ලිපි ගොණු 135 යි.,ව්‍යාජ ලෙස සකස්කරන ලද රබර් මුද්‍රා 19 යි.අංක 089504 දරණ එල්.ජි. වර්ගයේ CPU 01 යි. අංක NQSA267376 දරණ Canon වර්ගයේ පින්ටර් යන්ත්‍ර 01 යි.NO-M-103 දරණ KOVAC වර්ගයේ ඉංග්‍රිසි යතුරු ලියන 01 ක් අත් අඩංගුවට ගැනිමට පොලිස් විශේෂ කාරෙිය බලකායේ නිළධාරින් සමත්වි තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර වැඩට ප්‍රසිද්ධ එකම කට්ටිය තමා ඔය වැඩේ කරන්නේ .කාත්තන්කුඩිය කියන්නෙම අන්තවාදීන් විසින් කරන තරමක් හොර වැඩ කරන තිප්පලක් .මොන භාණ්ඩය රටින් ආවත් ඔවුන් හොරට හදනවා .සිංහල මිනිහෙක් අහු උනොත් විතරයි දැඩි දඬුවම් .ඔවුන් අහු උනත් වහාම නිදහස් .