(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පහ ප්‍රදේශයේ දුම්රිය ස්ථානයක ප්‍රධානියක් සහ ප්‍රවේශපත්‍ර පරික්ෂාකරන නිලධාරියකු ප්‍රසිද්ධියේ අවමන් කරමින් බැන වැදුණැයි එම කාන්තාව නිලධාරීන් දෙදෙනාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
එම කාන්තාව ඇයගේ එකොළොස් හැවිරිදි දරුවා ද කැටිව ගම්පහ දුම්රිය ස්ථානයේ සිට අදාල දුම්රිය ස්ථානයෙන් බැස තිබේ.
දොරටුවේ සිටි දුම්රිය ප්‍රවේශපත්‍ර පරික්ෂාකරන නිලධාරියා ඇයගෙන් ප්‍රවේශ පත්‍රය ඉල්ලා සිටි අවස්ථාව එය ලබාදීමට ප්‍රමාද වූ වූයේ යැයි චෝදනා කරමින් මගීන් ඉදිරියේ ප්‍රසිද්ධියේම අවමන් සහගත ලෙස ලෙස බැණ වැදී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරයාට මේ බව පැමිණිලි කිරිමට ගිය අවස්ථාවේ ඔහු ද එවැනිම ආකාරයට ප්‍රසිද්ධියේ බැන වැදී යළි දුම්රිය ස්ථානයට නොපැමිණෙන ලෙසට ද තර්ජනය කළැය ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ
දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් තමාගේ ඡායාරූප ලබාගත් බවත් තමන් ද මෙම සිද්ධිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගත් බවත් එම කාන්තාව පොලිසියට පවසා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කතකට අවමන් කළ දුම්රිය ලොක්කා කවුද