(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දරුවකුගේ සිහිනය සැබෑ කරගැනීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිය 42 හැවිරිදි විවාහක කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන 57 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානය කියයි
විවාහ වූ දා සිට දරුඵල නොමැති බැවින් අතවරයට පත් කාන්තාව සිය සැමියා සමඟ බියගම සියඹලාපේ ප්‍රදේශයේ සැකකාර ආයුර්වේද වෛද්‍යවරයා හමුවට ප්‍රතිකාර ගැනීමට ගොස් තිබිණි.
සිව් වතාවක් ඇය සැමියා සමඟ ආයුර්වේද වෛද්‍යවරයා හමුවට ගොස් තිබූ අතර කිසිදු සැක සංකා උපදවන කරුණක් ඇති නොවූ බැවින් ඉකුත් 12 වෙනි දින ඇය තනිවම වෛද්‍ය මධ්‍යස්ථානය කරා ගිය අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා ඇයට බලහත්කාරයෙන් ලිංගික අතවර කර තිබූ බව එම කාන්තාව සිදුකළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා මහත්මිය ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතකට අතවර කළ ආයුර්වේද වෛද්‍යවරයා අත්අඩංගුවට