
(පාලිත ආරියවංශ)
කාන්තාවකගේ උදරයේ තිබූ තෙල් ලීටර් 13.5 ක් ලයිපොෂක්සන් සැත්කමක් මගින් සාර්ථකව ඉවත් කිරීමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සමත්ව ඇත.
මෙම සැත්කම මහනුවර පෞද්ගලික රෝහලේකදී සිදු කළ බවත් පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව 61 වන වියේ පසුවන විශ්‍රාමික ගුරුවරියක බවත් ජයවර්ධන මහතා පැවසීය .
තවදුරටත් මෙසේද පැවසීය .
අධිර රුධිර පීඩනය, අධික තරුබාරුකම, කොන්දේ වේදනාව ඇවිදීමට අපහසුවීම යනාදී රෝග නිසා මෙම කාන්තාව දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳ තිබෙනවා.
විවධ දේශීය හා බටහිර ප්‍රතිකාර ද කර තිබෙනවා. සුවයක් නොවූ නිසා මා හමුවුණා. ඇගේ ප්‍රශ්නය අධික තරුබාරු බවත් (Morbidobesity) ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 52 බවටත් මා විනිශ්චය කළා .
එඅනුව මාස තුනකට පෙර ඇය මහත අඩුකරන (Bariatric surgery ) සැත්කමට භාජනය කළා .
මෙය අවදානම් වුවත් සාර්ථකව සිදුකිරීමට මට හැකිවුනා. ඉන්පසු ඇගේ බර සීග්‍රයෙන් අඩුවුණා .ඇවිදීමට හැකියාව ලැබුණා .
එහෙත් ඇගේ උදරය තව දුරටත් විශාල නිසා උදරයේ තෙල් ඉවත් කරන (Liposuction) සැත්කමට ඊයේ දින (11) දා භාජනය කළා .
මෙමගින් තෙල් (fat) ලීටර් 13.5 ක් සාර්ථකව ඉවත්කළා මෙය ඉතා ලොකු ප්‍රමාණයක් ලෝකයේ සාමාන්‍යයෙන් ඉවත් කර ඇත්තේ ලීටර් 4 ක් 5 ක් වගේ ප්‍රමාණයක් . මේක දුලබ අවස්ථාවක්.
මෙම සැත්කම නිසා කිසිදු සංකූලතාවයක් මතුවුනේ නැහැ. ඇය සුවෙන් පසුවෙනවා. විශාල සහනයක් ලැබුණා බවද ඇය පවසනවා යැයි විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්...!
අති විශිෂ්ඨ ක්‍රියාවලියක්.. මෙවැනි තවත්දක්ෂ වෛද්‍යවරු කීයක් රට හැරලා දාලා ගිහින්ද? ආණ්ඩුවේ ඉන්න හැත්තට මේවා තේරෙන්නේ නැහැ.. මේ ඡායාරූපය වගේම තෙල් ඉවත් කළ පසු ඡායාරූපයකුත් දැම්මා නම් මිනිස්සුන්ට තවත් හොඳට තේරේවි තරබාරුකම අඩු කිරීම ගැන...
වෛද්‍යතුමණි, ඔබ මතු බුදුවේවා...!
කෑ ගහලා ලෙඩ හදාගෙන කිසිම වගකීමක් නැතිව .අරුන් ටැක්ස් ගෙවන්න ඕනේ මේ වගේ මල හෝන්තු නඩත්තු කරන්න
Liposuction අතරතුර අධික මේදය ඉවත් කිරීම ශරීරයේ තරල සමතුලිතතාවයට බාධා ඇති කළහැකි අතර තරල සැලකිය යුතු ලෙස අහිමි වීමට හේතු විය හැකිය... විජලනය සහ ඉලෙක්ට්‍රෝලය, අසමතුලිතතාවය ඇතිකළ හැකියි. මෙමගින් අඩු රුධිර පීඩනය සහ හදවතේ ආතතිය වැනි සංකූලතා ඇති විය හැකිය. මීට අමතරව, >5L කිරීමෙන් ඇතිවන කම්පනයට ශරීරයේ ප්‍රතිචාරය ආසාදනය වීමේ අවදානම වැඩිකර සුවය ප්‍රමාද කරයි. දරුණු සංකූලතා ඇතිවීමේ ඉතා ඉහළ අවදානමක් හේතුවෙන් පශ්චාත් ශල්‍යකර්ම කාලය තුළ මෙම රෝගියාට හොඳ සුවයක් ප්‍රාර්ථනා කරමි.
නිදහස් අධ්‍යාපනයෙන් රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් ඉගෙනගෙන රටට ණය නැති වීර පුත්‍රයෙක් හැදූ වැඩු දෙමව්පියන්ටත් පිං අත්වේවා... මෙවන් ශල්‍යකර්ම කිරීමට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා...!