(මනෝප්‍රිය ගුණසේකර)
කාන්තාවක අයුතු ලෙස සිරකර තබා ගෙන ලිංගික අතවර කිරීමේ චෝදනාන්ට වරදකරුවන් වු පිටකොටුව පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත වසර 10 බැගින් වූ සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් අදාළ දඬුවම නියම කළ විනිසුරුවරයා මීට වසර 07කට ඉහතදී කළ වරදට රුපියල් 15000/- බැගින් දඩ මුදලකටද ඔවුන් යටත් කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පිටකොටුව පොලිසියට අනුයුක්තව කෙස්තාපල්වරුන් වශයෙන් කටයුතු කළ එම්. ජයරත්න හා එස් .විජේසිංහ නමැත්තන්ටය.
2015 වසරේදී කාන්තාවක අයුතු ලෙස සිරගත කර ගෙන ලිංගික අතවර කිරීම ඇතු`ථ චෝදනා පහක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.
මේ සම්බන්ධයෙන්පැැවැති දර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන් පිටකොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බවත් ඔවුන් කාන්තාවක අයුතු ලෙස සිරගත කර ගෙන ලිංගික අතවර කළ බවට පැමිණ’ල්ලක් ලැබී ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් පවත්වා පසුව විත්තිකාර පොලිස් කොසතතාපල්වරු දෙදෙනා අත්අඩංගුවට ගේන ඇත් බවත් පසුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවත් අනාවරණය විය.
මේ සම්බන්ධයෙනන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් හා දඩ නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසම්ද ඒ අමාරුව...?
මේ තීන්දුව ගැන අපි ‘‘ශ්‍රී ලංකා අධිකරණයට‘‘ අපගේ විශිෂ්ඨ ස්තුතිය..!
මුන් දෙන්නා නැවතත් එලියට ආපු දවසකට ඕකම කරන්න පුලුවන්ද.ඒ නිසා අවුරුදු 10 කට හිරේ යවන්න ඉස්සරවෙලා මුන් දෙන්නාගේම සුරුට්ටු දෙකයි ඇට හතරයි සම්පුර්නයෙන්ම කපලා වෙන් කරලා දාන්න
මතක ඇති කාලෙක වාර්තා වූ රාලහාමි හපන්කම් අතරට එකතු වෙන අලුත්ම එක.