(ඩබ්ලිව්.කීර්ති)

බීමතින් වෑන් රථයක් පදවා 36 හැවිරිදි කතක අනතුරට ලක් කර මරණය සිදු කිරීමේ චෝදානාවට වරදකරුවූ 19 හැවිරිදි තරුණයකුගේ රියැදුරු බලපත්‍රය  ජීවිතාන්තය දක්වා තහනම් කරන්නැයි මීගමුව මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා 19 නියෝග කළේය. 

ඊට අමතරව නඟා ඇති චෝදනා හයට රුපියල් 1,99,000ක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා අනතුරින් මියගිය කාන්තාවගේ මව්පියන්ට සහ සැමියාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ද නියෝග කළේය.

2021 දෙසැම්බර් මස 1 වැනි දා මීගමුව තලාදුව මාර්ගයේදී සිදු කළ මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් වරද පිළිගත් චූදිතයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නදීමාල් මධුශාන් සිල්වා නමැත්තෙකි.