(දයාරත්න ඇඹෝගම)
කැති මිටකින් පහරදි අද(16) සිය බිරිද ඝාතනය කළ සැමියා අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ කැලේතිරප්පනේ,ඉහළගම,මිහින්තලේ යන ලිපිනයේ පදිංචිව සිටි ආර්.නිමේෂා මධුශානි(23) නැමති විවාහක කාන්තාවකි.
පවුල් ආරාවුලක් මුලකර ගනිමින් නිවස තුලදි ඇතිවු බහින් බස්විමක් දුරදිග ගොස් මියගිය කාන්තාවගේ සැමියා විසින් කැති මිටකින් ඇයගේ හිසට පහරදිමේ හේතුවෙන් ඇය එම ස්ථානයේම මියගිය බව පොලිසිය කියයි.
එම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් 32 හැවිරිදි ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd