
(පී.එම්. රාජපක්ෂ සහ චමිල් රූපසිංහ)
මහනුවර කුණ්ඩසාලේ පිහිටි ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අනුමැතිය ලබා දුන්නේය.
මෙම ප්‍රාථමික විද්‍යාලය මින් ඉදිරියට කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැදින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තෙම්න්තුවේ ව්‍යුහ කමිටුව ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලබා දීම ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇත.
මව්පියන්, ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඉදිරිපත් කර තිබු යෝජනා රැසක් සැලකිල්ලට ගනිමින් පළාත් දෙපාර්තමේන්තුව නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙම විද්‍යාලය 1939 එස්.ඩබ්ලිව්.ආරඩි බණ්ඩාරනායක විදුහල නමින් ආරම්භ වු අතර, කලින් කල හදුන්වා දෙනු ලැබූ විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමිව නත්තරම්පොත විද්‍යාලය, කුණ්ඩසාලේ මහා විදුහල වැනි නම් වලින් ද හදුන්වා ඇත.
මෙම පාසල කුණ්ඩසාලෙ අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රාථමික විදුහල් අතරින් ප්‍රධාන තැනක් ගන්නා විද්‍යාලයකි.
වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී එහි කොටසක් ජලාශයට යටවී ඇත. පසුව බණ්ඩාරනායක ජාතික පාසල වෙත ගෙන යනු ලැබිය.
වැසි යාමේ තර්ජනයට ලක් වූ මෙම විදුහල ‘ලගම පාසල හොදම’ පාසල ව්‍යාපෘතිය යටතේ 2012 වසරේ දී ‘කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය’ යන නමින් නව ගොඩනැගිල්ලක් ඉදිකොට සංවර්ධනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා යහපත් ප්‍රවණතාවයක්…! වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් වලට යොදා ඇති දේශපාලුවන්ගේ නම් ඉවත් කල යුතුය.
අනේ අපොයි, අල්ලගෙන කවුරුවත් නැද්ද?
කොහොමත් හොරුන්ගේ නමින් පසක් නම් කරන්න එක හරි මදිනේ...
මහජනතාවගේ බදු මුදලින් හදපු පාසල් වලට දූෂිත දේශපාලුවන්ගේ නම් දාන්න අවශ්‍ය නැහැ.
ඉතා හොඳ තීරණයක්. පාරවල්, පාසැල්, උද්‍යාන වගේ ඒවා නම් කරද්දි යුද හමුදාවේ පරම වීර විභූෂණ සම්මානය දෙනවා වගේ ක්‍රමයක් අනුගමනය කරන්න ඕනෑ. ජීවත්වන අයට ඒ සම්මානය සාමාන්‍යයෙන් දෙන්නේ නෑ කියලා අහලා තියෙනවා. එන්ගලන්තේ blue plaque scheme කියලා තියෙන නම් කිරීමේ ක්‍රමයට අනුව මියගිහිල්ලා අවුරුදු: 20 ක් යනකං නමක් දාන්න බැහැ. ඒ නමත් ප්‍රදේශයේ ජනතාවගෙන්ම යෝජනා වෙන්න ඕනෑ.
මේක හදලා තියෙන්නේ ඒ උත්තමයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්... නම් මේක හරිම වැරැදි වැඩක්. ඒ වගේ පරිත්‍යාගශීලී මිනිස්සු මේ ලෝකෙ හරිම අඩුයි...!
විස බෙහෙත් ගෙන්නලා ළමයි මරපු පාපතරයින්...
එහෙම කරනවා නම් කරන්න තිබුනේ මෙයා වරදකාරයෙක් වුණා නම් නේ. මේවා නිකන් සන්දර්ශන විතරයි අර මෝඩ ජෙප්පෝ චූන් කරන. හැබැයි උගන්ඩාවට ප්ලේන් එකේ යවපු ඩොලර් ගේනකන් බලන් හිටපු ජෙප්පො පව් නේ. එහෙම එකපාරම කනට ගැහුව වගේ නැතුව හිමින් හිමින් කියන්න තිබ්බේ.
පොදු ස්ථානවලට නම් දැමීමේ දී තම පෞද්ගලික ධනය වියදම් කොට ඉදි කරන්නක් හැර අනෙක් සියලු ස්ස්ථානවලින් දේශපාලුවන්ගේ නම් ඉවත් කළ යුතුයි.
රාජපක්ෂ නමත් හැලිය යුතුයි.
දේශපාලුවන්ගේ නම් පාසල් වලින් විතරක් නෙමෙයි, හැම තැනකින්ම ඉවත්කළ යුතුයි. මොකද, මේ සියල්ල රටේ දුක්විඳින ජනතාවගේ බදුමුදලින් ගොඩනැගුණු සහ නඩත්තුවන පොදු දේපළ නිසා. කාගේහරි නම ගහගන්න ඕනෑමනම්, පෞද්ගලික මුදලින් ඒ සියල්ල කරපුවාදෙන්...