(ඉන්දිකා රාමනායක)
තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ දී ඉකුත් (15) දින රාත්‍රියේ බහුදින යාත්‍රා ස්කීපර් වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවා වශයෙන් කටයුතු කළ නාවික හමුදා භටයකු විශේෂ කාර්ය බලකාය මගින් බලපිටිය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු පුල්මුඩේ නාවික හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටින නාවික භටයකු බවත් ඔහු දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බලපිටිය ඩිල්ශාන් නමැත්තා ගේ ගෝලයකු බව විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග පවසයි.
මෙම නාවික භටයා තදින්ම අයිස් මත්ද්‍රව්‍ය පානය පානයට ඇබ්බැහි ව සිටින්නෙකු බවත් වසර 1 1/2. කාලයක සිට මොහු වූ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි ව සිටින්නකු බවට තොරතුරු හෙළිවී ඇත.
සැකකරු ඉකුත්(.10) නිවාඩුවට පැමිණ ඇති අතර එම නිවාඩු කාලය තුළ ඔහු මෙම ඝාතනය සිදුකර ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි.
බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකාර නාවික භටයා, නිවැසියන් සමග විනෝද චාරිකාවකට ගොස් මෝටර් රථයකින් නැවත නිවෙස වෙත එමින් සිටියදී ඊයේ පස්වරුවේ බලපිටිය ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට පත්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩාවැල්ලේ වෙඩි තැබීමකට නාවික භටයකු අත්අඩංගුවට
Bamunuarachchi Monday, 21 August 2023 08:08 AM
තවදුරටත් තුවක්කු පාවිච්චි කරන්න බැරි වෙන්න අත් දෙකේම දබර ඇඟිල්ල කපා දමන්න...
Bunny Preena Monday, 21 August 2023 09:31 AM
හමුදාවටත් කැළලක්. මෙවැනි මිනී මැරුම් එකක් නොව හුඟක් කරලා තියෙන හොඳ පලපුරුදු කුලී මිනීමරුවකු විය යුතුයි. බැංකු ගිණුම් සහ උපයා ඇති දේපළ ගැන සොයාබලා ඒවා රාජසන්තක කළ යුතුයි. පළාත්වල මිනීමැරුම් සඳහා සඟවා ඇති ආයුධ සම්බන්ධව විමර්ෂණයක් කිරීමට ඔහුව ගෙන යා යුතුයි.