(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මත්ද්‍රව්‍ය සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු නොච්චියාගම පොලිස් ස්ථානයේ සිර මැදිරියේදී ගෙල වැල දමා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙ වහා ක්‍රියාත්මක වී එම තරුණයාගේ ජීවිතය බේරා ගෙන ඇත.
සැකකාර තරුණයා ගේ ජීවිතය බේරා බේරාගෙන ඇත්තේ සැරයන් කුසුම්සිරි මහතා සහ පොලිස් කොස්තාපල් ජයන්ත මහත්වරුන් විසිනි.
සැකකාර තරුණයා ඔහු ඇඳ සිටි යට කලිසමේ ඉලාස්ටික් පටිය උපයෝගී කරගනිමින් සිරමැදිරියේ ඉහළින්ම ඇති යකඩ කූර ගැටගසා ගෙල වැලලාගෙන ඇතැයි පොලිසිය පවසයි.
නොච්චියාගම පොලිසියේ පොලිස් කොස්තාපල් ජයන්ත මහතා සැකකාර තරුණයා එල්ලී සිටින අයුරු දැක පොලිස් සැරයන් කුසුම්සිරි මහතාගේද සහය ඇතිව ඔහු මුදා ගෙන අනුරාධපුර රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලදැයි එම පොලිස් නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට කුඩු ගෙනෙන සියලු එවුන්ටත් කුඩ්ඩන්ටත් උන් බේරා ගන්න කටයුතු කරන රැකවරණය දෙන උන්ටත් එහෙම කර ගැනීමට සිතේවා.