(කේ. බුද්ධික කුමාරසිරි)
කඩුවෙල කොතලාවල පට්ටියවත්ත ප්‍රදේශයේ නිවසක තනිව සිටි පනස් හතර හැවිදි දෙදරු මවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අසල්වාසී ඇයගේ ඥාති පුත්‍රයකු ඇතුළු දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර ඥාති පුත්‍රයා ඝාතනයට ලක් වූ කාන්තාවගේ නිවසට නිතර යන එන පුද්ගලයෙකු බවත් අනෙක් සැකකරු ප්‍රධාන සැකකරුගේ නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයකු බවද පොලිසිය පවසයි.
අතරමඟ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනයට ලක්ව සිටි දෙදරු මවගේ ජංගම දුරකථනය සොයාගන්නට හැකි වී ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ කඩුවෙල කොතලාවල පට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන අජන්තා කටුකම්පල නැමැති දෙදරු මවකි. ඇය ඝාතනයට ලක් වූ දින ඇයගේ සැමියා සහ දරු දෙදෙනා රැකියාවට ගොස් සිට ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd