IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කඩුවෙල අධිකරණයෙන් දුන් වාහන හෝමාගම අධිකරනයෙන් යළි ගනී

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

යුක්තිය මෙහෙයුම යටතේ කඩුවෙල පොලිසිය  අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයේ තිබූ වැලිවිට සුද්දා නමැත්තාට අයත් කෝටි ගණනක් වටිනා බස් රථ 05 , සුඛෝපභෝගී මෝටර් රථයක් හා යතුරු පැදියක් යළි ලියාපදිංචි හිමිකරුට ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 17 දා ලබාදුන් තීන්දුව බල රහිත කරමින් එම දේපල යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන විමර්ෂණ සිදු කරන ලෙසට හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද නියෝග කළේය.

ඒ අනුව ඉකුත් 17 දා කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජය බණ්ඩාර මහත්මිය ලබා දී තිබූ නියෝගය බලරහිත වේ.

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේ බණ්ඩාර මහත්මිය ඉකුත් 17 දා ලබාදී තිබූ එම නියෝගයට අනුව දේපලවල හිමිකරුවන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට  දා පැමිණ එහි භාරයේ තිබූ බස් රථ 05, මෝටර්‍රථය හා යතුරු පැදිය යළි රැගෙන ගොස් තිබුණි.

මෙම දේපළ රැගෙන යාම සම්බන්ධයෙන් (21) දා හෝමාගම මහාධිකරණයට නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසියටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂ ඉන්දික මිලාන් මහතා පැමිණ අධිකරණයට කරුණු දැකවීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන සිල්වා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඉහත දේපළ උපයාගත් ආකාරය පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් පවත්වන අතරතුරදි ඊට ප්‍රමාණවත් කාලයක් ලබා නොදී මෙසේ ඉහත දේපළ යළි හිමිකරුවන්ට පවරා දීමෙන් පරීක්ෂණවලට බාධා එල්ල වී ඇති බව නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරයා අධිකරණයට හමුවේ කරුණු දැක්වීය.

 



අදහස් (2)

කඩුවෙල අධිකරණයෙන් දුන් වාහන හෝමාගම අධිකරනයෙන් යළි ගනී

sam Wednesday, 21 February 2024 03:24 PM

අනිවාර්යයෙන්ම ඒ වාහන රාජසන්තක කළ යුතුයි.

:       1       24

Pankumburage Wednesday, 21 February 2024 05:04 PM

රන්ජන් මහත්තයා මතක් වුණා.

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site