(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කඩවත රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට අත් බෑගයක දමාගෙන කාන්තාවක් රැගෙන ආ ලක්ෂ හතළිස් හතරක් පමණ වටිනා රන් භාණ්ඩ එම අත් බෑගය ද සමඟ රාජ්‍ය බැංකුව ආසන්නයේ දී පා ගමනින් ආ පුද්ගලයකු කොල්ල කා ගෙන පලාගොස් ඇතැයි කඩවත පොලිසිය පවසයි
බස් රථයකින් බැස මෙම කාන්තාව පා ගමනින් බැංකුව වෙත යන අතරවාරයේ බැංකුව ආසන්නයේදී පිටුපසින් ආ පුද්ගලයකු විසින් එක්වරම කෑ ගැසීමට නොහැකි වන ආකාරයට එක් අතකින් ඇයගේ කට මිරිකාගෙන අල්ලාගෙන ඇය අතේ තිබූ රන් භාණ්ඩ දමන ලද අත්බෑගය කොල්ල කාගෙන පලාගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මේ බව පොලිසියට පැමිණිලි කර ඇත
මෙම කාන්තාව නිවසේ තිබෙන රන් භාණ්ඩ සොරසතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් කඩවත ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේප්පුවක් වෙන් කරවා ගෙන එම සේප්පුවේ ඇය භාණ්ඩ තැන්පත් කර තබා ඇතැයි පොලීසිය සඳහන් කරයි
ඥාති පුතෙකුගේ විවාහ මංගල්‍යයට යනවිට දමා ගෙන යෑමට සේප්පුවේ තැන්පත් කර තිබූ මෙම රන්භාණ්ඩ ඉකුත් 19 වෙනිදාඇය ලබාගෙනතිබේ
විවාහ මංගල්‍යයට සහභාගි වීමෙන් පසු මෙම කාන්තාව එම බැංකුවේ ඇති ඇයට අයත් සේප්පුවේ නැවත තැන්පත් කිරීමට අත් බෑගයේ දමාගෙන රන්භාණ්ඩ රැගෙන එමින් සිට ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය
රන් වළලු හයක් රන් පෙන්ඩන්ට් එකක් රන්මාල දෙකක් රත්තරන් මුදු හතරක් සහ රත්තරන් කරාබු ජෝඩු දෙකක් මෙසේ බෑගයේ තිබී කොල්ල කා ගෙන ගොස් ඇතැයි කාන්තාව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකුවට යන්න ඉස්සෙල්ලා ගමටම අණබෙර ගහලා වගෙයි. නැත්නම් පවුලෙම කෙනෙක් තමයි ගේම දීලා තියෙන්නේ.
අමන කාලකන්නි ඉන්න බව දැනගෙන ජීවත් වෙන්න මිනිසුනේ. මේ කාන්තාව මෝඩ වැඩ කීපයක්ම කරල තියෙනවා. මඟුල් ගෙවල් වලට උනත් ඇත්ත රත්තරන් දාන්න මේ කාලේ මෝඩ වෙන්න එපා. පුලුවන් තරම් ඉමිටේශන් දාන්න. රත්තරන් බඩු ගෙනියද්දී පුලුවන් තරම් පෞද්ගලික වාහන පාවිච්චි කරන්න. පොදු ප්‍රවාහන පාවිච්චි කරන්න එපා. ඒ වගේම ඒ බඩු ගැන වත් තියෙන තැන් ගැන වත් කාටවත් කියන්න යන්න එපා.