(අංජුල මහික වීරරත්න)
ලංකාවෙි සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ වන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ.
මේ වනවිට වැඩ අවසන් කර ඇති කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම සදහා රජය වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 377 කි. 2019 වසරේ මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර 2021 වසරේ ඉදිකිරීම් අවසන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd