IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කඩවත මහාමායා සිසුවියෝ කැබිනට් මණ්ඩලයට

(අංජුල මහික වීරරත්න)

කඩවත මහාමායා බාලිකා විදුහලේ සිසුවියෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් අද කැබිනට් මණ්ඩලයේ අසුන් ගත්හ.

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය  ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ  සුහද හමුවකට එක්වීමට ද එම දරුවන්ට අවස්ථාව උදා විය. 

ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය යනු කුමක්ද යන්න සහ එහි ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.

රටේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේදීමඑය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමඟ කතාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමි වූයේ ඉතිහාසයේ  පළමු වරට වීම ද විශේෂත්වයකි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර දරන සිසුවියන්  වෙත එම අමාත්‍ය ධුරයන්හි වගකීම,කාර්යභාරය සහ කැබිනට් මණ්ඩලයේ වගකීම් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු පහදා දුන්නේය.

රටේ අනාගත නායකත්වයට පත්වන දරු පරපුර රාජ්‍ය පාලන ව්‍යුහය පිළිබඳ මනා දැනුමක් ලබා තිබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

තම පාසලේ දරුවන් වෙත ලබාදුන් මෙම ඓතිහාසික අවස්ථාව පිළිබඳව කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී ඩබ්ලිව්.ආර්. ප්‍රියදර්ශනී   මහත්මිය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තූතිය පිරිනැමුවාය.



අදහස් (6)

කඩවත මහාමායා සිසුවියෝ කැබිනට් මණ්ඩලයට

sena Monday, 19 February 2024 06:36 PM

මේ රනිලුයි සජිතුයි දෙන්නාම ඉස්කෝලේ ළමයි අල්ලා ගන්නේ මොකද දේශපාලන වැඩවලට? එයාලාගේ මොලත් ආපහු ළමාකාලයට යනවාද මන්දා...?

:       15       13

ශාන්ත Monday, 19 February 2024 07:11 PM

ඇයි සේන අහලා නැද්ද ළදරුවා හා මහල්ලා සමානයි කියලා කියමනක් තියෙනවා කියන දේ...!

:       8       5

kabithigollawe lamayi Monday, 19 February 2024 06:52 PM

කොළඹට කිරි... අපට කැකිරි...! 

:       8       9

Muthu Monday, 19 February 2024 07:05 PM

අවු 30 හෝ 40 වත් ඕක කෙරුවා නම් ලංකාව, සිංගප්පූරුවක් කොහොම වෙතත් අඩු ගානේ, මැලේසියාව නැත්නම් මාලදිවයින ගානටවත් එන්න තිබ්බා...

:       4       22

sam Monday, 19 February 2024 07:11 PM

දේශපාලනයෙන් දුරස්ව සිටින තරුණ පරපුර නැවත දේශපාලනය කෙරෙහි උනන්දුවක් ඇතිකිරීමට මෙවැනි අවස්ථවන් පාසල් දරුවන් වෙත ලබාදිය යුතුවේ.

:       3       13

රන්මුතුගල Tuesday, 20 February 2024 01:06 PM

ඔය වගේම. රටේ ඉන්න උගත්, බුද්ධිමත් ( ඇත්තටම උගත්, බුද්දිමත් ) මහත්වරු ලංකාවේ ඉන්නවා. ඒ අයටත් ඔයවගේ අවස්ථාවක් දුන්නා නම් , ඒ අයගේ අදහස්වලට සවන්දුන්නා නම් ලනකව බංගලාදේශය තරම් දියුණුවෙලා. රට පිළිඹඳ ඉතා වැදගත් තීරණ ගන්න තැන ඉන්නේ කවුද කියලා හිතන්න. රට මෙහෙමවත් තියෙනවා ඇති.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site