
(සිතුම් චතුරංග)
වවුනියාව, පරමන්කුලම, සෙමඩු ප්‍රදේශයේ ගොවියකු කඩුවකින් කපා කොටා ඝාතනය කිරීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අද (02) අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය කියයි.
කැබ්රථයකින් පිරිසක් සමඟ පැමිණ අැති සැකකරු නිවසේ සිටි ගොවියාට කඩු ප්‍රහාර එල්ලකර පලාගොස් අැති බව පොලිසිය පවසයි. එලෙස ඝාතනය කොට අැත්තෙ වවුනියාව, සෙමමඩු පදිංචි අයියම්පිල්ලෙ සෙල්වනිරොජන් නැමති 45 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා සහ සැකකරු හවුලෙ ගවයින් අැතිකරන අතර එම ගවයින්ගෙ අයිතිය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් හෙතුවෙන් මෙම ඝාතනය සිදුකර අැති බවට විමර්ශන වලදී අනාවරණයවූ බව පොලිසිය සඳහන් කළෙය .
සැකකරු වවුනියාව කූමාන්කුලම පදිංචි 18 හැවිරිදි අයකු වන අතර ඔහු වවුනියාව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd