IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කඩුලු 10කින් ශ්‍රී ලංකාවට ජය

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

තරගයේ සිවුවැනි දිනය වූ අද (5) තේ විවේකයට පෙර ශ්‍රී ලංකා පිල ලකුණු 56 ක ඉලක්කය ඕවර 7.2 කදී කිසිවකු නොදැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

තෙවැනි දිනය වූ ඊයේ (4) පස්වරුවේ තරගය අත්හිටුවන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199 ක් රැස්කර ප්‍රබල ස්ථානයක සිටි ඇෆ්ගනිස්තාන් දෙවැනි ඉනිම ලකුණු 296 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 107 කට කඩුලු 5 ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ඇෆ්ගනිස්තාන් පිල පළමු ඉනිම ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 198

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 109.2 කදී සියලු දෙනා දැවී 439

(ඇන්ජලෝ මැතිව්ස් 141, දිනේෂ් චන්දිමාල් 107, සදීර සමරවික්‍රම 27,  චාමික ගුණසේකර 16, නිජාට් මෂූඩ් 76/2, නවීඩ් ශද්‍රාන් 83/4, කුයිස් අහමඩ් 98/2)

ඇෆ්ගනිස්තාන් පිල දෙවැනි ඉනිම ඕවර 112.3 කදී සියලු දෙනා දැවී 296

(ඊබ්‍රහිම් ශද්‍රාන් 114, නූර් අලී ශද්‍රාන් 47, රහමට් ෂා 54, නසීර් ජමාල් නොදැවී 41, අසිත ප්‍රනාන්දු 63/3, කසුන් රාජිත 59/2, ප්‍රභාත් ජයසූරිය 107/5)

ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම ඕවර 7.2 කදී කිසිවකු නොදැවී 56

(දිමුත් කරුණාරත්න නොදැවී 32, නිෂාන් මධුෂ්ක නොදැවී 22) 



අදහස් (0)

කඩුලු 10කින් ශ්‍රී ලංකාවට ජය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site