(හේමන්ත රණසූරිය)
සුලු මව ගෙන් සිදුවන හිරිහැර සහ අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකිව වයස අවුරුදු දාහතරක 14 ක පිරිමි දරුවකු නෙදුන්කේනි සිට වාලච්චේන දක්වා කිලෝමීටර් 200 අධික දුරක් ආසන්න දුරක් පාපැදියෙන් ගමන් කරමින් සිටියදී එම දරුවාගේ ආරක්ෂාව පතා සිය බාරයට ගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.
මෙලෙස පොලිස් බාරයට ගෙන ඇත්තේ මුලතිව් නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි අවුරුදු දාහතරක දරුවෙකි.
වව්නියාව කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ කැලෑ පුලියන්කුලම ප්‍රදේශයේ පාපැදියක නැගී කුඩා දරුවකු ගමන් කරනු දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ ඇති වූ සැකය මත කැබිතිගොල්ලෑව මූලස්ථානය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක මහතාට කළ දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා විසින් මෙම දරුවා පොලිස් ආරක්ෂක බාරයට ගෙන ඇත.
දරුවාට අවශ්‍යය කෑම බීම මෙන්ම රැකවරණය ලබාදීමට ක්‍රියා කිරීමෙන් අනතුරුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූයේ නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි තම සුලු මව විසින් දිනපතාම සිදුකරන අඩන්තේට්ටම් හා හිරිහැර දරාගත නොහැකිව වාලච්චේන ප්‍රදේශයේ පදිංචි තම මවගේ නිවසට පාපැදියෙන් ගමන් කිරීමට මෙම දරුවා තීරණය කළ ඇති බව පොලීසිය සඳහන් කළේ ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අප්පෝ...!
අධිෂ්ඨානශීලී දිරිමත් දරුවෙක් මේ වගේ දරුවො තමා කැලේ පිපිලා කැලේට පපරවෙලා යන්නෙ රජය හෝ මෙහෙම දරුවො ඉදිරියට ගතයුතුය.
සුළුමවත්, පියත්, මවත් වහාම අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමයි කළ යුතු වන්නේ...!