
(හර්ෂණ තුෂාර සිල්වා)
අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩදාසි මිල අඩු කිරීමට පියවර ගන්නා බව ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කොළඹ දී අද (18) පැවැසීය.
විසිදෙවැනි වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් වික්‍රමනායක මහතා ඒ බව කීවේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී සමාරම්භක උත්සවය පැවැත්විණි.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ ද කීය.
‘‘කඩදාසිවල මිල ටිකක් ඉහළයි කියලා අපි දන්නවා. ඒ නිසා පොත්වල ගාණත් ටිකක් වැඩියි. රජයක් වුණාම ජනතාවටත් රටටත් හොඳ දේවල් ඕනෑ කරන්න. හරි දේ නිවැරදි දේ කරන්න ඕනෑ. ඒ නිසා ඔබ වෙනුවෙන් ඉදිරි කාලයේදී බලධාරීන් සමඟ ඉල්ලීම් කරලා සාකච්ඡා කරලා කඩදාසි මිල අඩුකරගන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ශ්‍රී ලංකාවේත් කඩදාසි හැදෙන්න එපැයි. අපේ කඩදාසි තිබුණා. කම්හල් පටන් ගත්තා කියලා ඊයේ පෙරේදා කිව්වා. දැන් ඒ නිෂ්පාදන වෙළෙඳපොළට එනවද කියලා කියන්න මම දන්නේ නැහැ. එම නිෂ්පාදනවල ප්‍රමිතිය කොහොමද කියන්න පෞද්ගලිකව මට දැනුමක් නැහැ.’’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශවත් යෝජනාවක්... ඉක්මණින් ක්‍රියාවට නංවන්න.
ලංකාවේ ඉන්න මෝඩයින් එක්ක කොහොමද රටේ කඩදාසි නිෂ්පාදනය කරන්නේ? කඩදාසි සෑදීමට ශාක සෙලියුලොස් අවශ්‍යයි. ඒවාට ගස් කපන්ට ගියොත් මහා වන විනාශයක් කරනවා කියා බෙරිහන් දෙන්න පටන් ගනී.
ඉස්සර කඩදාසි හැදුවේ පිදුරුවලින්...
ඇත්තෙන්ම අප අගයකළ යුතු අදහසක්.. ඉක්මණින් ගහකොළ ආරක්ෂා කරමින් ක්‍රියාවට නැගීමට හැකි වේවා..!!!
වැඩේ කරලා මාධ්‍ය සාකච්ඡා තියන්න. සංදර්ශන දාන්නේ නැතිව.
වටෙන් කැරකිලා කැරකිලා ගහක් කපන තැනටම තමයි එන්නේ..