(නිමන්ති රණසිංහ)
‘කළු කොටි සැමරුම’ යෙදෙන හෙට (05) හෝ අනින්දා (06) උතුරු, නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්කකරගෙන බෝම්බ ප්‍රහාරයක්, යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර එය එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් කරන ලද්දක් යැයි ඒත්තු ගැන්වීමට සුදානමක් පවතින බවට විශේෂිත තොරතුරක් ලැබී ඇතැයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.
මෙම ලිපියෙන් තොරතුර දැනුම් දෙන ආකාරයට අදාළ ප්‍රහාරය එල්ල කරනු ලබන බවට සඳහන් වන්නේ විදේශීය ඔත්තු සේවාවක සාමාජිකයන් පිරිසක් විසිනි.
මේ හේතුවෙන් දැනටමත් යාපනය ප්‍රදේශයේ විදේශීය ආයතනවල සේවය කරන පිරිස් සහ ප්‍රභූවරුන්ට මෙම දින දෙක තුළ කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙසට යම් දැනුම් දීමක් කර ඇතැයි ද එම ලිපියේ සදහන් වෙයි.
මේ අතර, ඉදිරියේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රින් ඇතුළු දේශපාලනඥයන් ඉලක්ක කර ඔවුන්ට සහ ඔවුන්ගේ නිවාසවලට ද යම් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මගින් රජයට බලපෑම්කර රජය අපහසුතාවට පත් කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂවලින් සහ විපක්ෂ කණ්ඩායම් මගින් සැලසුම් කර ඇති බවට තමා වෙත වාර්තා කර ඇතැයි ද පොලිස්පතිවරයා මෙම ලිපියෙන් දැනුම් දී ඇත.
ත්‍රස්ත මර්දන හා විමර්ශණ කොට්ඨාසයේ තොරතුරක් මත පදනම්කරගනිමින් පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට මෙම ලිපිය යොමුකරනු ලැබ ඇත්තේ ඉකුත් 27 දාතමින් යුතුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ගේ වැඩ පටන් ගන්නයි යන්නේ... අනේ නන්දසේන මෙදාපාර නම් ජනතාව නොමග යවන්න බැරිවෙයි...
බුද්ධි තොරතුරු විවෘත ලිපිවලින් ලියලා යවලා වැඩක් තියෙනවද? කළ යුත්තේ තොරතුරු සනාථ කරගෙන අදාළ මිනිස්සු අත්අඩංගුවට ගන්න එකනේ...
ලංකාවට ලොකුම කඩාකප්පල් ක්‍රියාව කළේ රාජපක්ෂ පවුලයි... ඔවුන්ගේ හෙංචයියොයි... ඉස්සෙල්ලම ඔවුන් අත්අඩංගුවට ගන්න.
තාමත් මේක 88/89 වගේ ඕනෑ දෙයක් කරලා ... ඒකේ වගකීම මොකක් හරි පක්ෂයකට දාලා අත පිහදාගන්න පුළුවන් කියලද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ...!
කොහේද මේකෙ ප්‍රභූවරු ඉන්නේ? මේකෙ ඉන්නේ හොරු...
රජයේ අනුග්‍රහයෙන් සන්නද්ධ කල්ලි බිහිකිරීමේ කප්පිත්තන් දෙන්නෙක් ඉහළම පුටුවල ඉන්නේ...!
ප්‍රාදේශීය දේශපාලුවන්ට නම් පීඩිත ජනතාවගෙන් සැලකිල්ලක් ලැබෙයි වගේ...!